SIS - Strategic Information Services

  • Home
  • පුවත්
  • විශේෂාංග
  • BIZ
  • ක්‍රීඩා
  • Art එක
  • Cartoon
  • මතවාද
  • Video
  • අප ගැන
  • දැන්වීම්
Hot topic
ජීවිත හානියකට රුපියල් ලක්ෂ 10ක් කසල කන්ද කඩා වැටීමේදී, මට චෝදනා කරපු මාධ්‍ය වලට යට වුනා නම
කලින් එකට නඩු - පසුව එකට බඩු ? වැලිකඩ සංහාරයේ වාර්තාවත් අතුරුදන් ? රාජපක්ෂ භීෂකයින් විසින් සිය පාලන සමය තුළ අවිගත් ආරක්ෂක අ
ලොව හැර යන ගී ලොව රැවුල්කරු ප්‍රවීණ වාදන ශිල්පීයකු සහ සංගීත අධ්‍යක්ෂකවරයකු වන සෝමප
සූරියවැව සිදුවීම ගැන ඇමතිගෙන් පරීක්ෂණයක් සූරියවැව ක්‍රීඩාංගනයේ තාවකාලික සේවයට බඳවාගත් සේවකයන්ට
මෛත්‍රී - රනිල්! ඉතිහාසයට යනවාද - ඉතිහාසයේ කුණු බක්කියට යනවාද? ශ්‍රී ලංකාවට නිදහස් ලැබුනේ 1948 දී යයි අපි උගත්තෙමු. ශ්‍රී ල
වියරු වැටුණ ගෝටා ජයන්තගේ අතපය කඩනවා යැයි කලින්ම කියලා සුදුවෑන් රථයකින් පැහැරගෙන ගොස් පහර දීමට මාස කිහිපයකට පෙ
සුමති.... ක්‍රිකට් ආයතනෙ වහලා දාමුද ? චැම්පියන්ස් කුසලාන තරගාවලියේ පටන් සිරි ලංකා ක්‍රිකට් ක
ටැටූ කලාවෙන් සිත්තම් මවන ටැටූ පිකාසෝ පච්චා යුගය පසුකර අපි දුරගමනක් ගොස් ඇත. අද තිබෙන්නේ ටැටූ ය
මැතිව්ස් නායකත්වයෙන් ඉවත් වෙයි ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් නායකත්වයෙන් ඉ
කෝටි 1800ක් උඩ විසිකළ රොකට් චිචී කෝටි 1800ක් උඩ විසිකළ රොකට් චිචී  හිටපු ජනාදිපති මහින්ද ර
ඇත්තටම ලොතරැයි ඇදුනේ කාටද? සෙසු ආණ්ඩු සමයන්හිදී මෙන් යහපාලන ආණ්ඩුවේද කැපී පෙනෙන අම
ලංකාවේ දුප්පත්කමට හේතුව අමනකමද? අජිත් පැරකුම් මහත්මා සහ ජීවන ප්‍රනාන්දු මහත්මා තමන්ගේ ල
මැඩියෝ නාට්‍යයේ ආරම්භක දර්ශනයේ ප‍්‍රබලතාව ගී‍්‍රක පැරණි කොමඩි නාට්‍ය කලාවේ නියමුවා ලෙස සැලකෙන්නේ
නායකත්වය චන්දිමාල්ට ඇන්ජලෝ මැතිව්ස්ගේ ඉල්ලා අස්වීම හේතුවෙන් පුරප්පාඩු වූ ශ
ඥානසාර අත්අඩංගුවට ගැනීමට එරෙහි පෙත්සම සලකා බැලීම ඔක්තෝබර්! මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිය වන සන්ධ්‍ය
ඩෙංගු, කුණු මැතිවරණයක රස...! පළාත් පාලන ආයතන විසුරුවා හැර වසර දෙකක කාලයක් ගත වී ඇතත් ම

ahanna

“නැණිල කුලුඳුල් සාහිත නිමැවුම් ඇගයුම” සම්මාන උළෙල
Art එක

“නැණිල කුලුඳුල් සාහිත නිමැවුම් ඇගයුම” සම්මාන උළෙල

18,Feb 2019
Be the first to comment!
Read more
සඳ හංඟාගෙන ගඟ ගලා යද්දීත් ඇය බලා සිටියා ය
රූපවාහිනිය

සඳ හංඟාගෙන ගඟ ගලා යද්දීත් ඇය බලා සිටියා ය

17,Feb 2019
Be the first to comment!

ඇය බලා සිටියා ය; වසන්තය නිමාවන තෙක් පමණක් නොව දිවියේ සැඳෑ සමය දක්වා ද ඇය බලා සිටියා ය.

Read more
දේශීය ජන සංගීතයේ පුරෝගාමියෙකු වූ ඩබ්ලිව්.බී.මකුළොළුව සූරීන්ගේ ජන්ම දිනය අදයි
Art එක

දේශීය ජන සංගීතයේ පුරෝගාමියෙකු වූ ඩබ්ලිව්.බී.මකුළොළුව සූරීන්ගේ ජන්ම දිනය අදයි

17,Feb 2019
Be the first to comment!

ඩබ්ලිව්.බී.මකුළොළුව සහ දේශීය ජන සංගීතය වෙනුනෙන් එතුමා කළ අප්‍රමාණ මෙහෙය වර්තමානයේ බොහෝ දෙනෙකු නොදැනගෙන සිටීම කණගාටුදායක කරුණකි. මේ කෙටි සටහන එතුමා කළ සේවය ඇගයීම සඳහායි.

Read more
නියුරෝසිකයකු නොවන්නේ කවුද?
නවකතාව

නියුරෝසිකයකු නොවන්නේ කවුද?

16,Feb 2019
Be the first to comment!

කෘතහස්ත ලේඛක ජොසේ සරමාගෝ පැවසූයේ "ලේඛයා වනාහී ස්වදේශීය සාහිත්‍යයේ නිර්මාණකරුවාය; එහෙත් පරිවර්තකයා වනාහි විශ්වව්‍යාපී සාහිත්‍යයේ නිර්මාණකරුවාය" යනුවෙනි.

Read more
බුදුන් නන්ද කුමරුට කළේ බරපතළ අපරාධයක්
Art එක

බුදුන් නන්ද කුමරුට කළේ බරපතළ අපරාධයක්

12,Feb 2019
Be the first to comment!

ට්‍රෝයි මහමොහොට්ටාල යනු  ඉංග්‍රීසි සාහිත්‍යය, ඉංග්‍රීසි භාෂාව, ග්‍රීක, රෝම සාහිත්‍යය යන වීෂයන් උගන්වන ගුරුවරයෙකි.

Read more
ගොඩගේ අත්පිටපත් සම්මාන උළෙල
Art එක

ගොඩගේ අත්පිටපත් සම්මාන උළෙල

08,Feb 2019
Be the first to comment!

ගොඩගේ අත්පිටපත් තරගයෙන් ජයග්‍රහණය ලද කෘති දොරට වැඩුම සහ ජයග්‍රාහී ලේඛක ලේඛිකාවන්ට සම්මාන සහ ත්‍යාග මුදල් ප්‍රදානය කිරීමේ උළෙල2019 පෙබරවාරි 15වන දින සවස 03ට මහවැලි කේන්ද්‍රෙය් දී පැවැත්වේ.

Read more
නිර්මාණාත්මක ලේඛනය පාඨමාලාවට අයදුම්පත් කැඳවයි
Art එක

නිර්මාණාත්මක ලේඛනය පාඨමාලාවට අයදුම්පත් කැඳවයි

07,Feb 2019
Be the first to comment!

ප්‍රවීණ ලේඛක කේ. කේ. සමන් කුමාර විසින් මෙහෙයවනු ලබන නිර්මාණාත්මක ලේඛනය වාර්ෂික පාඨමාලාව සඳහා අයදුම්පත් කැඳවීම දැන් සිදු කෙරේ.

Read more
ගින්නෙන් උපන් සීතල- වැදගත් ම දෙය නම් ඔහු අප ‘නිදහස්’ කර තිබීම ය
සිනමාව

ගින්නෙන් උපන් සීතල- වැදගත් ම දෙය නම් ඔහු අප ‘නිදහස්’ කර තිබීම ය

07,Feb 2019
Be the first to comment!

‘හැම අයෙක් ම විවේචකයෙක් ය. ගැටලුව නම් මීට වඩා හොඳින් ඔබට කළ හැකිද යන්න ය’ (ෆ්‍රෙඩී මර්කරි). Everyone is a critic, but can you do better?

ohu 01

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර සහෝදරයාගේ චරිතය ආශ්‍රය කර ගනිමින් අනුරුද්ධ ජයසිංහ විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘ගින්නෙන් උපන් සීතල’ (The Frozen Fire) නම් චිත්‍රපටය අප වෙත ගෙන එන දේශපාලන සහ දාර්ශනික අන්තර්ගතය විශ්ලේෂණය කර ගැනීමට මා මෙහිදී පාදක කර ගන්නේ තනිකරම එම චිත්‍රපටය විසින් චිත්‍රණය කරන ‘යථාර්ථය’ (ප්‍රබන්ධය) පමණකි. එනයින් එම චිත්‍රපටය ගැන කලාත්මක විචාර සපයන විචාරකයන් සහ එම චිත්‍රපටයේ ඓතිහාසික නිර්මිතය ගැන ‘වාස්තවික’ විචාර සපයන විචාරකයන් යන ප්‍රවේශ දෙකෙන් ම මෙම ලියවිල්ල වෙනස් වේ.

ධනවාදය සහ නිරෝගී මිනිසුන්

ඇත්තටම සිදු වූයේ කුමක්ද යන මෙම දෙවන ප්‍රවේශය පවා අද දවසේ සිට අතීතය වෙත ප්‍රක්ෂේපණය කරන පසු ආවර්තිත ප්‍රබන්ධයක් මිස සත්‍යයක් නොවේ. ඔවුන් විසින් කරන්නේ අද ඔවුන් දරන මතවාදයට අවශ්‍ය ආකාරයට ඉතිහාසය අර්ථකථනය කිරීම පමණි. එමෙන්ම විපරීත ධනවාදයට එරෙහිව අරගල කළ විජේවීර සහෝදරයා කුමන මානසික රෝගයකින් පීඩා විඳිමින් සිටියා ද යන්න පිළිබඳව අද දවසේ ‘ධනවාදය තුළ ජීවත් වන නිරෝගී මිනිසුන්’ (සහ වෛද්‍යවරුන්) විසින් කරනු ලබන විචාරවලින් ද මෙම ලියවිල්ල වෙනස් වේ. හැරත් මා ජ. වි. පෙ. ඉතිහාසයේ ඇත්තටම කුමක් සිදුවීද යන්න දන්නේ නැත. අද ඉන්නා නායකයින් පවා ‘ඇත්ත’ කුමක් දැයි දන්නේ ද යන්න දන්නේ ද නැත. ඒ අර්ථයෙන් මෙම අර්ථකතනය ‘ගින්නෙන් උපන් සීතල’ ගැන කලා විචාරයක් නොවේ. යථාර්ථවාදී විචාරයක් ද නොවේ. සායනික විචාරයක් ද නොවේ. එනයින් මෙම කෙටි රචනය විසින් ගෙනහැර දක්වන අර්ථකතනය වනාහී ඉහත චිත්‍රපට සිද්ධියට (cinematic event) පමණක් අදාළ කරගත යුතු ප්‍රපංචවේදී අර්ථකතනයකි.

මා මෙහි දී දකින රෝහණ විජේවීර යනු තනිකරම ‘චිත්‍රපට විජේවීර’ කෙනෙක් ලෙස සැලකීම ප්‍රපංචයීය ව වැදගත් වේ. එනයින් මා විසින් ද චිත්‍රපටකරුවා මෙන්ම විජේවීර චරිතය සත්‍ය ඉතිහාසයෙන් සහ වර්තමාන කතිකාවෙන් ඛණ්ඩනය කරනු ලබන්නෙමි. එසේ කරනු ලබන්නේ වැඩ කරන පංතියක් නොමැති වීම නම් ‘මාක්ස්වාදයේ අසමත් කම’ ඉහත ප්‍රබන්ධ චරිතය ජය ගත්තේ කෙසේද යන ගැටලුවට පිළිතුරක් ගොනු කරන්නේ කෙසේද යන්න පැහැදිළි කර ගැනීම වෙනුවෙනි.

ohu 02

ජීවත්වන අවතාර

කීර්ති, ගමනායක සහ විජේවීර වැන්නන් මියගොස්, එම මියගිය වුන් ප්‍රශ්න කිරීමට ලයනල් බෝපගේ, වික්ටර් අයිවන්, ජයදේව උයන්ගොඩ සහ රුවන් ජයතුංග යන අය ‘ජීවත් වන්නේ’ කෙසේද යන ප්‍රශ්නය කිසිවෙක් නො අසන්නේ ඇයි? අරගලයේ මර්දනය තුළ ජීවත් වීමට සහ ධනවාදය අත්දැකීමට ‘වාසනාව’ ලද මේ මිනිසුන් ‘අවතාර’ නො වන්නේ කෙසේද? (පැරණි තත්වයෙන් නව තත්ත්වයක් වෙත රැඩිකල් පොලා පැනීමක් සිදු වන විට පැරණි තත්වයේ පෙකනිවැල ඛණ්ඩනය නොවී නව තත්ත්වයෙන් පැරණි ලෝකයට නැවත යන අතරමැද සිහින දකින්නන් මේ අවතාර අවධියට අයත් වේ. මොවුන් ‘දෘෂ්ටිමය අවතාර’ ලෙස ද හැදින්විය හැක. මෙම ‘ජිවත් වන අවතාර’ විවේචකයින් ට එරෙහිව ඉස්මතු විය යුත්තේ ඇන්ටිගනියානු මරණයයි. එනම් ෆ්‍රෙඩී මර්කරි වැනි චරිතයි. ජිජැක් සඳහන් කරන්නේ යමෙක් තම ජීවිත කාලය පුරා බලාසිටි ආදර වස්තුව මුණ ගැසුණු විට එම වස්තුව සම්මුඛ වන මොහොතේ ඒඩ්ස් වෛරසයට බියෙන් එම සම්මුඛ වීම මඟ හරිනු වෙනුවට මරණය සමඟ ම එය වැලඳ ගැනීම ඇන්ටිගනියානු ජීවත් වීම බවයි. එනම් නිකොටින් සමඟ ම සිගරට් බිමයි. (යුරෝපීය අර්ථයෙන් ෆ්‍රෙඩී මර්කරි කරන්නේ ද එයයි). සත්‍ය පන්ති පරස්පරතා වෙනුවට මෙම දෘෂ්ටිමය විචාරකයින් රැගෙන එන්නේ වෙනත් පරස්පරතා වගයකි. ඔවුන් තම කතිකාව ඔස්සේ යථාවේ හිඩැස පිරවීමට උත්සාහ කරයි (fill up the hole in the real). අවතාරය විසින් සඟවනු ලබන්නේ යථාර්ථය නොව යථාර්ථය ම පදනම් වී ඇති මර්ධිතයේ නියෝජනය කළ නොහැකි X නම් අන්තර්ගතයි (what the spectre conceals is not reality but its ‘primordially repressed’, the irrepresentable X on whose ‘repression’ reality itself is founded (Zizek, Mapping Ideology, පිටුව 11). ජිජැක් ට අනුව මොවුන්ගේ විචාර විසින් කෙරෙනු ලබන්නේ අධි පඨිතගත කිරීමකි (extra-textualized). එවිට අපට ජීවත් වීමට සිදුව ඇත්තේ යථාර්ථයට වඩා අධි පඨිතගත වූ යථාර්ථයක ය. ලංකාවේ නම් විචාරක කණ්ඩායම් අතර ඇතිව ඇති කතිකාව අත්පත් කර ගැනීමේ තරඟකාරී බව නිසා මෙම යථාර්ථයට වඩා ඉදිමුණු අධි පඨිතකරණය අපට දැකගත හැකිය (උදාහරණ වශයෙන් අශෝක හඳගම ගේ ‘ඇගේ ඇස අග’ සඳහා ලියවුණු විචාර ප්‍රමාණය සිහිපත් කරන්න). නමුත් වඩාත්ම වැදගත් දෙය නම් සිදු වුවේ කුමක්ද යන්නට වඩා විජේවීර චරිතය විසින් අනාගතය වෙත දායාද කර ඇති දෙය යි. එනම් විසි එක් වන සියවසට ඔහු වැදගත් වන්නේ කෙසේද යන පාඩමයි. විශේෂයෙන් විසි එක් වන සියවසේ විමුක්ති අරගලයේ නිරත වන්නෙකුට ඉහත ප්‍රපංචයෙන් උගත හැකි පාඩම කුමක් ද යන්න පමණක් මෙහිදී වැදගත් ලෙස හඟිමි.

විජේවීරට නොවැලඳුණු රෝගය

පළමුවැන්න, චිත්‍රපටයේ පෙන්වන ආකාරයට ජාතික ගැටලුවේ දී විජේවීර නිවැරදි ලෙස ලෙනින්වාදී ස්ථාවරයක සිට ඇත. දෙමළ සටන් කරුවන් ජාත්‍යතරවාදී විමුක්ති අරගලයෙන් පිට පැන දේශීය බෙදුම් වාදයක් වෙත ගමන් කිරීම ඔහු ප්‍රතික්ෂේප කරයි. එනම් විශ්වීය අරගලයෙන් පිට පැන සුවිශේෂ ‘ද්‍රවිඪ නිජ බිම්’ සංකල්පයක් අරගලය තුළට ආරෝපණය කර ගැනීමට උතුරේ සටන්කාමීන් උත්සාහ ගැනීම ඔහුගේ විවේචනයට් ලක් වේ. සමස්ත පීඩිත පන්තියේ විශ්වීය ගැටලුව හුදු ජාතිකවාදයකට සහ භූමියකට ඌනනය කිරීම ඔහු ආරම්භයේ සිට ම පිටු දැක්කේ ය (නිජ බිම් ගැන කතා කරන ද්‍රවිඩ ජාතිකයින් වැඩි පිරිසක් අද ඉන්නේ පාර ජාතිකවය). අනෙක් අතට’රෝගී වැඩකරන පන්තියක්’ (ජිජැක් පාවිච්චි කරන වචනයකි) සමග අරගලයට පිළිපන් ඔහුට ෆැක්ටරි කම්කරුවන් සිටියේ නැත. සිටියේ ග්‍රාමීය ප්‍රදේශවල යම් උගත්කමක් තිබූ පීඩිත කොටස් ය; කුල පීඩනයට ලක්වූ කොටස් ය. බටහිර මාක්ස්වාදීන් ගේ (විශේෂයෙන් ෆ්‍රෑන්ක්ෆර්ට් ගුරු කුලයේ) රෝගයක් වන ඉතිහාසයේ ගාමක බලය ලෙස ෆැක්ටරි කම්කරුවන් ම සෙවීමේ ‘සුව නොවන රෝගය’ විජේවීර සහෝදරයා ට වැලඳී නොතිබීම අතිශයින් වැදගත් ජිජැකියානු ප්‍රපංචයකි. ලෙනින් සහ මාවෝ මෙන්ම ‘විමුක්ති ඒජන්තයා’ (revolutionary agent) ලෙස ඔහු තෝරා ගන්නේ තුන්වන ලෝකයේ ගොවීන් (රුසියාව සහ චීනය), බුද්ධිමතුන්, සහ ශිෂ්‍යයින් ය. බෝල්ෂෙවික් විප්ලවයේ දී ලෙනින් අමතන ලද්දේ ග්‍රාමීය ගොවි ජනතාවගේ ‘ඉඩම් සහ සාමය’ යන තේමාව ඔස්සේ රොද බැඳගත් ‘රැඩිකල් අතෘප්තිය ට ය’ (radical dissatisfaction) (කියවන්න ජිජැක් ගේ Lenin knew that revolution wouldn’t happen overnight – we must bear this in mind as capitalism fails us today ලිපිය). විජේවීර සහෝදරයා ද උත්සාහ කරන ලද්දේ තිබෙන දේ විප්ලවීයකරණය කිරීමට ය. අප පෙළන ලද දරිද්‍රතාවයෙන්, පසුගාමී බවෙන් සහ පරාධීන බවෙන් ගොඩ ඒමට ඔහු දුටු මාර්ගය එය විය.

ohu 03

අනන්‍යතා අහිමි විඳවීම

දෙවැන්න තරමක් විවාදාසම්පන්න කරුණකි. එනම් ඒ වනවිටත් ජේ. ආර්. ගේ කළගෙඩි ලාම්පු සෙල්ලමට ලැබුණ චන්ද ප්‍රමාණය ඉතා විශාල විය. එමන්ම ඉදිරි මැතිවරණ පවා එක්සත් ජාතික පක්ෂය හොඳින් හෝ නරකින් වැඩි ඡන්දයෙන් දිනා ගන්නා බවට ලකුණු පහල වෙමින් තිබුණු අවධියක කිර්ති විජේබාහු (දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය) ඇතුළු පිරිස විසින් විජේවීර සහෝදරයා ව ඒත්තු ගන්වන්නේ විප්ලවයක් ගැන නො සිතන එහෙත් තම ආත්ම ලාභය ගැන පමණක් සිතන ‘මිනිසුන්’ (මහජනයා) ගැන තමන් ‘බලා ගන්නා’ බවය. වෙනත් වචනයකින් කිවහොත් මිනිසුන්ගේ මනාපය රැගෙන කිසිදා විප්ලවයක් කළ නො හැකි බව ව්‍යාපාරය තුළ ඔවුන් තේරුම් ගෙන තිබුණි. ඒ අනුව ඡන්ද පොළට ඒම ඔවුන් විසින් ප්‍රචණ්ඩ ලෙස වළක්වමින් තිබුණ අතර එය එක්තරා අයුරකින් රැඩිකල් ක්‍රියාවක් වේ. මන්ද මිනිසුන් ගේ කැමැත්තෙන් ඔවුන් සිටිනා නිෂ්ක්‍රීය භාවයෙන් ගලවාගත නොහැකි බැවිණි. හැඳුනුම් පත් එකතු කිරීම ද මෙවැනිම ක්‍රියාවක් වේ. කිසිදු අනන්‍යතාවයක් නැති විඳවීම ම ජීවිතය කරගත් මිනිසුන් හට හැඳුනුම් පතකින් ඇති ප්‍රයෝජනය කුමක්ද? එම විඳවීම ම ස්වභාවිකකරණය කරන මැතිවරණවලින් ඇති ප්‍රයෝජනය කුමක්ද? කොළඹ ප්‍රභූන් දෙපිලකට බෙදී කරන දේශපාලන ගේමක් වෙනුවෙන් අතිමහත් ජනයා තම සර්වජන ඡන්ද බලය පාවිච්චි කරන්නේ ඇයි? චන්ද බලය සුද්දා නිකම් දුන් නිසාද? ඡන්දයේ නාමයෙන් සුද්දා අපව හසුකර ඇත්තේ මාරක උගුලක නො විය හැකිද? අධිවේගී මාර්ග, ගුවන් පාලම් සහ මෙට්‍රෝපොලිටන් හැදීම සමාජයක අවසන් නිෂ්ටාව විය හැකිද?

අනාගත වක්තෘවරයා

තුන්වැන්න ලෙනිනියානු ආදරය පිළිබද කතාවකි. එයින් අදහස් වන්නේ ප්‍රයෝගිකකරණය කළ නොහැකි බවට බටහිර මාක්ස්වාදීන් විසින් දස අතේ දිවුරන ලද ‘කම්කරුවන් නොමැති මාක්ස්වාදය’ ලංකාව තුළ ප්‍රයෝගික කළ පළමු වැන්නා සහ එකම පුද්ගලයා විජේවීර වීම යන්න ය. එනම් සමාජවාදී අත්හදා බැලීම වෙනුවෙන් ඔහු නිර්භීත විය යන්න සහ ඒ වෙනුවෙන් මානව අයිතිවාසිකම් යන්න විශ්වීය අර්ථයකින් කැපකිරීම වෙනුවෙන් නිර්භීත වීමද සැලකිය යුතුය යන්න මගේ මතයයි. මිනිසුන් වෙනුවෙන් ඇති ඇත්ත ආදරය වෙනුවෙන් ඔවුන්ගේම අයිතීන් කැපකිරීම වෙනුවෙන් කරන ලෙනිනියානු තෝරා ගැනීමක් (Leninian Choice) ලෙස එය අපට අර්ථකතනය කිරීමට සිදුවේ. මිනිසුන් සීනි කෑමට අසීමිත ලෙස ආදරය කළත් වෛද්‍යවරයා එසේ කිරීමට දෙන්නේ නැත. ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය තුළ අපට දී ඇති චින්තනයේ නිදහස එසේ නම් කුමන වර්ගයේ නිදහසක් ද? මීට වඩා උසස් නිදහසක් හෝ සමාජයක් ගැන සිතීමට ඉඩක් නැති නිදහස කුමන වර්ගයේ නිදහසක් ද? ඒ අන් කිසිවක් නොව Forrest Gump චිත්‍රපටයේ මෙන් තමාට දෙන ඕනෑම නියෝගයක් නො පිරිහෙලා ඉටුකරන බෞද්ධ රොබෝවරුන් මෙන් ක්‍රියාකරන යුධ හමුදාවක් සහිත ‘ධර්මිෂ්ට සමාජයක්’ ම විය යුතු ය. නැතිනම් තමන්ගේම මිනිසුන් පිරිසක් විසින් සාධාරණ සමාජයක් වෙනුවෙන් කරන ලද ඉහත අරගලය එසේ පොඩි පට්ටම් කර දමන්නේ නැත. දිනපතා ඩිජිටල්කරණය වන අපගේ ලෝකයේ මානව චින්තනය යන්ත්‍ර සුත්‍රවලට බාරදෙන ලෝකය ගැන ඔහු දිවැසින් දැක්කා වැනිය. අප වෙනුවට මොබයිල් දුරකතන අප වෙනුවෙන් සිතීමට පටන් ගන්නා ලෝකයක විප්ලවයක් සිදු කිරීමට ඔහුගෙන් පසු පරම්පරාවකට සිදුවන බව ඔහු පුරෝකතනය කළා වැනිය. මෙම කිසිදා අවදි නොවන ඩිජිටල් සොම්බී පරම්පරාව ඇහැරවීමට එතැනදී ඔහුටත් වඩා ප්‍රචණ්ඩත්වයක් අපගේ පරම්පරාවට අත්හදා බැලීමට සිදුවන බව ඔහු අනාගත වක්තෘවරයෙක් සේ දැක්කා වැනිය.

ohu 04

ගැටලුව අප තුළ ම ය

හතරවැන්න අපගේ ආදරය පිළිබද කතාවකි. ඔහු අපට ආදරය කළ තරම් අප ඔහුට ආදරය කරයි ද? විජේවීර සහෝදරයා කුමන මානසික රෝගයෙන් පිඩා විඳිමින් සිටියා ද යන්න පිළිබඳ ව අධ්‍යයනය කිරීම සඳහා සායනික ඇඳ වෙත ගෙනයාම පිණිස කාබනික ශරීරයක් හෝ මනසක් නොමැති තත්ත්වයක් තුළ මේ වනවිට අපට නැවතත් විශ්වාස කිරීමට සිදුව ඇත්තේ ප්‍රබන්ධ වෙතය. ඔහුගේ මොළ කුහරය හාරා බලා රෝගය නිශ්චය කර අප ඔහු ගැන ‘පරම දැනුමක්’ (absolute knowledge) ලැබුව ද එතැන දීත් ඔහු නැතිකමින් ශේෂ වන හිඩැසක් නිෂ්පාදනය වේ. කෙනකු පිළිබදව අප සිතන මෙම පරම දැනුම යනු අපගේ ම ෆැන්ටසියකි. මදකට අප මෙසේ සිතමු. අප වීරයෙක් ලෙස සිතන විජේවීර එක්වරම බිය සුල්ලෙකු ලෙස අපට සායනික ඇඳ මතදී වැටහී ගියහොත් අප එවිට කරන්නේ කුමක්ද? අප තේරුම් ගත යුත්තේ එම බියසුලු බව තිබියදීත් ඔහු ඉතිහාසය තුළ ඔහුගේ කාර්යය කර අවසන් ය යන්න ය. ඒ හිඩැස දැන් පිරවිය නොහැකි ය. එම දුර්වලතාවය තිබියදී පවා ඔහු පරමාදර්ශයක් වනු වැළැක්වීමට (ගාන්ධි ගේ තිබූ යම් යම් දුර්වලතා නිසා ඔහු පරමාදර්ශයක් නොවී තිබුණේ නැත) නොහැකි ය. යමෙකු ගේ සංකේතීය අවබෝධය (symbolic realization) සඳහා ඇති බාධාව ඇත්තේ ඔහු තුළ ම විනා ඔහුගෙන් පිටත නොවේ. දිගහැරුණ ඉතිහාසය තුළ විජේවීර සහෝදරයා වීරයෙක් ලෙස අපට නො පෙනී යන්නේ නම් ගැටලුව ඇත්තේ අප තුළ මිස ඔහු තුළ නොවේ යන්න මෙහි අර්ථයයි (මෙය ලෙනින් ට ද අදාළ ය). ඉතිහාසයේ ගමන් මඟ වෙනස් කිරීම සඳහා මේ වනවිටත් ඔහු තම ශරීරය ලබාදී අවසන් ය.

නිශ්ශබ්ද ඇගේ කැපකිරීම

පස්වැන්න මා ඇයගේ ආදරය වෙනුවෙන් වෙන් කරමි. චිත්‍රාන්ගනී විජේවීර ස්ථානගත වන්නේ ඔහු සහ බුර බුරා නැගෙමින් තිබූ සමාජ පරස්පරතාව අතර මැද ය. ඔහු වෙත ඇය ලබා දෙන්නේ සමාජය යි. ඇය අයිති වන්නේ සටන් සගයකු ගේ පවුලකට ය. එතැන දී ඇයගේ කැමැත්ත එතරම් වැදගත් වී නැත. එය බලහත්කාරී වරණයකි (forced choice). ඇයගේ අයියා විසින් මේ විවාහය ඇය කර මත පටවයි. ඇය ද ඉතිහාසයේ ආපතික තෝරා ගැනීමක් ය. එතැනින් පසු ඇය නිශ්ශබ්ද ය. පළමු සහ දෙවන දරුවන් ලැබෙන අරගලයේ කේන්ද්‍රය වෙතට ජ. වී. පෙ. පැමිණෙන විට සහ විජේවීර පවුල සංචාරක (nomadic) තත්ත්වයට වැටෙන විට ඇය සම්පුර්ණ ලෙස නිශ්ශබ්ද වේ. නිශ්ශබ්දවම අවසානයේ ඇය තම ‘එතරම් තැළිච්ච පොඩිවෙච්ච නැති’ ශරීරය මෙම ඓතිහාසික සිද්ධිය වෙත ‘කැපකිරීමට’ එකඟ වේ (මෙය යාග හෝමයක් බඳුය). එනයින් එය ටට්යානා පන්නයේ නිදහස් විවාහයක් නොවේ. එය විශාල සිද්ධියක් තුළ සිදුවන විවාහයකි (බදිවු ගේ වචනයෙන් නම් marriage in the Event). එතැනදී ඇයගේ දැනුම හෝ ඔහුගේ දැනුම (උපත් පාලන වැනි) එතරම් වැදගත් දෙයක් නොවන බව ඇලෙන්කා සුපැන්ජිත් පවසයි. සුපැන්ජිත් මෙසේ කියයි. ‘ලකාන් ගේ මුලික තීසිසය මෙයයි, එනම් කෙටියෙන් ම කිවහොත් මිනිසා ගේ දැනුම බෙදී පවතී ඇත යන්නය. එය බෙදී ඇත්තේ තමා කරන දෙය පිළිබද ව තමාට ඇති දැනුම සහ තමා කරන දෙය ගැන තමාට ම නැති දැනුම අතර ය (knowledge is spilt between a ‘knowledge that know itself’ and a ‘knowledge that does not know itself’). මෙය දැනුම තුළ ම ඇති නොදැනුම යනුවෙන් ද හැඳින්විය හැකිය’. ‘ඔවුන් කරන දෙය ඔවුන්වත් නොදනී’ යනුවෙන් ජිජැක් මෙය නැවත ප්‍රති වාක්‍ය කරයි (For they know not what they do). අරගලය තුළ කුමන සොහෝදරවරු කුමන ස්ථානයක සිටිය යුතු ද, කුමන ග්‍රන්ථය කුමන අවස්ථාවේ ලිවිය යුතු ද, වැඩ බෙදා ගන්නේ කෙසේද, ක්‍රියාමාර්ග තෝරන්නේ කෙසේද, උපක්‍රම මොනවාද යනු කරුණු ගැන අතිශයින් දැනුවත් ඔහු තමන් ගේ ලිංගික ජීවිතය තුළ තමාව ‘අතාර්කික ලෙස’ ගමන් කිරීමට ඉඩ දී ඇතැයි චිත්‍රපටය බලන කෙනෙකුට (විශේෂයෙන් පසු නූතන තරුණියකට) ඒත්තු යනවා ඇත.

ohu 05jpg

මිනිසකු සහ වස්තුවක් අතර සම්බන්ධය

ඔහු සතුව නැති මෙම දැනුම විජේවීර සහෝදරයා වීරයෙක් වීමේ බාධකයක් ලෙස ඉස්මතු වන්නේ නැත. එය සංකේතනයට බාධාවක් නොවේ යන්න මෙහි අර්ථයයි. අපගේ පසු නූතන දැක්ම තුළ එසේ අතාර්කික ලෙස පෙනී ගියත් (මේ බලන්න මට ඉන්නේ දුවයි පුතයි විතරයි. අපි ලස්සන පවුලක්!) අප මතක තබා ගත යුත්තේ ඔහු අමානුෂික ලැකානියානු යථාවක් වෙත ගමන් කළ චරිතයක් ලෙසය (නිශේධනාත්මක අර්ථයෙන් නොවේය). මෙයින් ප්‍රකාශමාන වන්නේ ඇයට ලැබෙන්නේ ‘මානුෂික පිරිමියෙක්’ නොව ජිජැක් ගේ වචනයෙන් කියන්නේ නම් රාක්ෂයෙක් බවයි. සිදුවෙමින් පැවති අපේක්ෂා භංග බවේ සෑම ආතතියක් ම ඇය මතින් මුදා හරින ලද ඉතාම ආත්මාර්ථකාමී (අවම වශයෙන් ලිංගික ජීවිතය තුළ) පිරිමියෙකි. ඉතිහාසයේ කිසිම බරක් කරට නොගත් අනෙක් පිරිමින්ට ඕනෑ තරම් මානුෂික පසු නූතන ස්වාමි පුරුෂයින් විය හැකි ය. නමුත් ඔහුට අප බලාපොරොත්තු වන පෙරුම් පුරණ ආදරයේ පෙම්වතා (හැරී කුමරු) වීමට නො හැකි ය. මෙයින් කියවෙන්නේ විජේවීර මිනිසෙක් වුනාට අමතරව විශ්වීය ෆැන්ටසියක් දරාගත් දෙයක් (a thing) බවට ද පත්ව තිබූ බවයි. ඒ අනුව විජේවීර බිරිඳ සහ විජේවීර සහෝදරයා අතර ගොඩ නැගෙන්නේ මිනිසෙක් (විෂය) සහ වස්තුව (දෙය) අතර ගොඩ නැගෙන අසමමිතික (නො)සම්බන්දයකි (asymmetrical non-relationship between the Other and the Thing). එසේ නම් මේ දෙදෙනා අතර සම්බන්දය බුර්ෂුවා ආදරය තුළින් මැනිය නො හැකි ය. මන්ද සම්බන්ධයේ එක් අක්ෂයක් පැහැදිළි බල සම්බන්ධයකි. එනිසා ඔවුන්ගේ සම්බන්ධය එකවරම අප බලාපොරොත්තු වෙමින් සිටින පෙරුම් පුරණ ආදරයේ තිරය (theatre) වෙතට ප්‍රක්ෂේපණය කළ නො හැකි ය.

තවමත් විවෘත විවෘත අවකාශය

අවසන් මිනිත්තු කිහිපය තුළ අපට දක්නට ලැබෙන විජේවීර පවුලේ ශෝකාන්තය යනු පැහැදිළිව ඉහත බල අක්ෂයේ ‘දෙය’ සහ ‘මිනිස් බව’ අතර පරතරය ඔස්සේ තේරුම් ගත හැකිය. කිසිවෙක් එකිනෙකාට ශාප කරගත යුතු නැත. ඔහුට සිදුවූ ‘වැරදි’ යනු අපගේ පැත්තෙන් ගත්විට අපගේ අනාගත අරගලයේ මුලික පාඩම් ය. මන්ද ‘අරගලයේ සත්‍ය අසමත් බව යනු ඇත්ත පරස්පරතා ආලෝකය වෙත ගෙන ඒමට දක්වන අසමත් බවයි’ (බලන්න ජිජැක් ගේ Repeating Lenin ලිපිය). කිසිවක් පරිණත වන තුරු විජේවීර සිටියේ නැත. ෆැක්ටරි කම්කරුවන් බිහිවන තුරු ඔහු බලා සිටියේ ද නැත. දැනුම මුහුකුරා යන තුරු ඔහු සිටියේ ද නැත. විප්ලවය නම් සිද්ධිය ට ම ඔහුව පරිණත කිරීමේ ඉඩකඩ විවර කර විවෘත අවකාශය වෙත සියල්ල මුදා හැරියේය (Wijeweera in becoming). ලෙනින් සම්බන්දයෙන් ජිජැක් ලියා ඇති පරිද්දෙන් ම ලෙනින් (විජේවීර) මුදාහැරි විවෘත අවකාශය තවමත් විවෘත ය.

ohu 06jpg

යා යුත්තේ කොතැනට ද?

අවසානයේ තමාව හමුදාවෙන් අල්ලා ගත්තාට පසු ඇය කොහේ යා යුතුද යන්න පවා ඔහු දැන සිටියේ (නොදැනුම) නැත. කිසිවක් ගැන නිශ්චිතව යමක් අපට කීමට දැනුමක් ඒ තීරණාත්මක මොහොතේ ඔහුට නොවීය. ඔහු ‘දැනගෙන සිටි දෙය’ අවසානයකට පැමිණ ඇත. ඔහු ඇයට කිවේ මෙපමණකි. ‘ඔයා මෙහෙ ඉන්න එපා, මෙහෙන් යන්න’. එවිට චිත්‍රාන්ගනී විමසන්නේ ‘අපි යන්නේ කොහේද’ යන්න යි. ඇය අසන්නේ අපගේ ප්‍රශ්නයයි. ක්‍රිස්තුන් විසින් පිළිවිසින ලදුව දෙවියන් නිශ්ශබ්ද වුවා සේ ඔහු නිරුත්තර විය. ඒ නිමේෂයට පසුව කළ යුතු දේ ඔහු දැන සිටියේ නැත. විශිෂ්ට රංගනයක යෙදෙන කමල් අද්දරආරච්චි නිරුත්තරව ඇය දෙස බලයි. මරාවේශ වූ ආණ්ඩුවේ කුළී හේවායන් ඔහුව ඉක්මනින් රැගෙන යාමට පොර කයි. කිසිවක් නො කියා ඔහු අප වෙතින් ඉවත්ව යයි. එක්තරා ඉතිහාසයක් අවසන් වූ බව ඔහුට දැනෙන්නට ඇත. අද දවසේ අප කුමක් කළ යුතු ද යන්න පිළිබද ඔහුගේ නිශ්ශබ්ද බව විසින් ඔහු එක් දෙයක් පමණක් අපට හඟවා ඇත. ඒ ඔහු අප දෙස බලා නො සිටින බවයි. ඔහුගේ නො දැනුම ඔහු නිර්ව්‍යාජ ලෙස අප වෙතට ප්‍රක්ෂේපණය කර ඇත. ‘මා දෙස බලා සිටින්න එපා. ඔබලා නිදහස්’.

ජිවත්වන චිත්‍රාංගනී (වීඩියෝ)

ohu 07jpg

ohu 08jpg

ohu 09pg

ohu 10pg

ohu 11pg

Mahesh Hapugoda

Read more
චිත්‍රකතා ලෝකයේ චන්ද්‍රයා
Art එක

චිත්‍රකතා ලෝකයේ චන්ද්‍රයා

04,Feb 2019
Be the first to comment!

චිත්‍ර කතා කියැවීම ඇරඹි යුගයේ සිට ම අපේ හද දිනූ චිත්‍රකතා ශිල්පීන් අතුරෙන් ප්‍රධාන ම චිත්‍රකතා ශිල්පියකු ලෙස බන්ධුල හරිශ්චන්ද්‍ර චිත්‍ර ශිල්පියා හැඳින්විය හැකි ය.

Read more
‘‘හඬ නිහඬ’’ මහවැලි කේන්ද්‍රයේ
නවකතාව

‘‘හඬ නිහඬ’’ මහවැලි කේන්ද්‍රයේ

03,Feb 2019
Be the first to comment!

සුප්‍රකට හොලිවුඩ් තිරකතා රචකයකු වූ ALEX MICHAELIDES විසින් රචිත ප්‍රථම නවකතාව වන ‘‘SILENT PATIENT’’  කෘතියේ සිංහල පරිවර්තනය ‘‘හඬ නිහඬ’’ නමින් පෙබරවාරි 09 වන දින සවස 03.00ට කොළම 07, ආනන්ද කුමාරස්සාමි මාවතේ මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේ දී ජනගතකෙරේ.

Read more
‘‘සුළග අප රැගෙන යාවි’’ මගේ ජීවිත ගමනේ ම සලකුණක් - නුවන් ජයතිලක
සිනමාව

‘‘සුළග අප රැගෙන යාවි’’ මගේ ජීවිත ගමනේ ම සලකුණක් - නුවන් ජයතිලක

03,Feb 2019
Be the first to comment!

වේදිකා පරිපාලකයෙකු ලෙස කලා ක්ෂේත්‍රයට අවතීර්ණ වන ඔහු අනතුරුව මුද්‍රිත මාධ්‍යකරුවකු ලෙස කටයුතු කළේ ය.

Read more
මවමින රටා නෙක නෙක ලෙළදේවි ‘දෙල් බෝධිය’
කවිය

මවමින රටා නෙක නෙක ලෙළදේවි ‘දෙල් බෝධිය’

02,Feb 2019
Be the first to comment!

‘‘වෙනස්වීම ජීව ලක්ෂණයකි. පරිසරයට අනුව වෙනස් නොවන චාරිත්‍ර හා වෙනත් ආයතනයෝ ද ක්‍රමයෙන් අභාවයට යති.

Read more
අවුෂ්විට්ස්හි පච්ච (හංවඩු) කොටන්නා
නවකතාව

අවුෂ්විට්ස්හි පච්ච (හංවඩු) කොටන්නා

27,Jan 2019
Be the first to comment!

පූර්විකාව

Read more
කර්තෘ ප්‍රකාශක ඔබට
Art එක

කර්තෘ ප්‍රකාශක ඔබට

25,Jan 2019
Be the first to comment!


කර්තෘ භාගය පිණිස පොත්වලින් ගෙවීම් ලැබ සිටින 2018 වසරේ ප්‍රථම මුද්‍රණය ලෙසින් පොතක් එළි දක්වා ඇති ඔබට සුබා'රංචියක්!!!

Read more
ධර්මසේන පතිරාජ සමරු දේශනය
සිනමාව

ධර්මසේන පතිරාජ සමරු දේශනය

22,Jan 2019
Be the first to comment!

ධර්මසේන පතිරාජ සිනමාවේදියාගේ පළමු ගුණානුස්මරණය වෙනුවෙන් සංවිධානය කළ දේශනයක් සහ ඔහුගේ අධ්‍යක්ෂණයක් වන ‘‘පාර දිගේ’’ චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීම 2019 ජනවාරි මස 28 සවස 04ට ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේ දී පැවැත්වේ.

Read more
සාහිත්‍යය සහ සිය දිවි නසා ගැනීම...
Art එක

සාහිත්‍යය සහ සිය දිවි නසා ගැනීම...

18,Jan 2019
Be the first to comment!

සිවු වසරක් කාලයක් තිස්සේ දරු සෙනෙහසින් ලියූ නවකතාවකින් පිටු 100 කට අධික ප්‍රමාණයක් ප්‍රකාශකයා විසින් නොදන්වා කප්පාදු කර ඇති බව දැන ගන්නා මගේ මිත්‍ර ලේඛකයෙක්, මේ අසාධාරණය ඉවසා දරා ගනු නොහැකිව සියදිවි නසා ගන්නට සිතෙනා බව මීට මාස කීපයකට පෙර මට කිවේය.

Read more
  • Prev
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • Next
  • End
Page 1 of 13

Art එක

  • සිනමාව
  • වේදිකාව
  • ගුවන් විදුලිය
  • රූපවාහිනිය
  • සාහිත්‍යය
  • කවිය
  • ගීතය
  • කෙටිකතාව
  • නවකතාව

Art එක

  • “නැණිල කුලුඳුල් සාහිත නිමැවුම් ඇගයුම” සම්මාන උළෙල “නැණිල කුලුඳුල් සාහිත නිමැවුම් ඇගයුම” සම්මාන උළෙල 18,Feb 2019
  • දේශීය ජන සංගීතයේ පුරෝගාමියෙකු වූ ඩබ්ලිව්.බී.මකුළොළුව සූරීන්ගේ ජන්ම දිනය අදයි දේශීය ජන සංගීතයේ පුරෝගාමියෙකු වූ ඩබ්ලිව්.බී.මකුළොළුව සූරීන්ගේ ජන්ම දිනය අදයි 17,Feb 2019
  • බුදුන් නන්ද කුමරුට කළේ බරපතළ අපරාධයක් බුදුන් නන්ද කුමරුට කළේ බරපතළ අපරාධයක් 12,Feb 2019
  • ගොඩගේ අත්පිටපත් සම්මාන උළෙල ගොඩගේ අත්පිටපත් සම්මාන උළෙල 08,Feb 2019
  • නිර්මාණාත්මක ලේඛනය පාඨමාලාවට අයදුම්පත් කැඳවයි නිර්මාණාත්මක ලේඛනය පාඨමාලාවට අයදුම්පත් කැඳවයි 07,Feb 2019
  • චිත්‍රකතා ලෝකයේ චන්ද්‍රයා චිත්‍රකතා ලෝකයේ චන්ද්‍රයා 04,Feb 2019
  • කර්තෘ ප්‍රකාශක ඔබට කර්තෘ ප්‍රකාශක ඔබට 25,Jan 2019
  • සාහිත්‍යය සහ සිය දිවි නසා ගැනීම... සාහිත්‍යය සහ සිය දිවි නසා ගැනීම... 18,Jan 2019
  • රයිගම් සම්මාන උළෙල මාර්තු 23 රයිගම් සම්මාන උළෙල මාර්තු 23 06,Jan 2019

නවතම පුවත්

  • නලින් ද සිල්වා ගේ ඉතිහාස දැනුමේ ගැටලු නලින් ද සිල්වා ගේ ඉතිහාස දැනුමේ ගැටලු 20,Feb 2019
  • “නැණිල කුලුඳුල් සාහිත නිමැවුම් ඇගයුම” සම්මාන උළෙල “නැණිල කුලුඳුල් සාහිත නිමැවුම් ඇගයුම” සම්මාන උළෙල 18,Feb 2019
  • වීරවංශ විසින් 4500ක් දෙනා ගොනුන්ට අන්දවනු ලැබූ බවයි... වීරවංශ විසින් 4500ක් දෙනා ගොනුන්ට අන්දවනු ලැබූ බවයි... 18,Feb 2019
  • සිංහරාජය රැකගැනීමේ විරෝධතා 20 වන දින දවස පුරා සිංහරාජය රැකගැනීමේ විරෝධතා 20 වන දින දවස පුරා 18,Feb 2019
  • දේශීය ජන සංගීතයේ පුරෝගාමියෙකු වූ ඩබ්ලිව්.බී.මකුළොළුව සූරීන්ගේ ජන්ම දිනය අදයි දේශීය ජන සංගීතයේ පුරෝගාමියෙකු වූ ඩබ්ලිව්.බී.මකුළොළුව සූරීන්ගේ ජන්ම දිනය අදයි 17,Feb 2019

  FaceBook Page

Copyright © SIS.LK 2019 All rights reserved.