සිංහල ගීතයේ චිර ජීවනය සහ ගීතයේ හිමිකාරිත්වය උදෙසා කෙරෙන විවෘත සංවාදයක් 2018 ජනවාරි මස 24 සවස 04.30ට ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
දර්ශන අශෝක කුමාර විසින් රචිත කව්සිළුමිණ සහ අබෞද්ධ දෘෂ්ටීන් හා Asian Perspectives in Communication යන කෘති යුගළ එළිදැක්වීම
‘කවිය’ නමැති මාධ්‍යය සඳහා දැනට වසර කිහිපයක සිට ඉල්ලුමක් පවතින අතර ම නව කව්කිවිඳියේ කලඑළි බැසිම ද වේගයෙන් සිදුවිය.
පැණි වළලූ රස විඳවමි
විජේ මාමා පැණි වළලූ රස අරන් ආවේ ගෙට
පොඩි මල්ලි උකුලට වඩන් මම ගියේ ගඟ පහලට
බට්ටි හන්දිය පහු කරන් ඇති සොයා අම්මට විට
අප්පොච්චි නැති දොහේ උන්දැ ආවෙනම් පිට පිට
තරංගනී රෙසිකා ප්‍රනාන්දුගේ ‘‘දේශද්‍රෝහියාගේ නිර්මල හෘදය’’ නවකතාව පිළිබඳ සංවාදයක් 2018 ජනවාරි 27 සෙනසුරාදා ප.ව. 2.30 ට මරදාන සමාජ හා සාමයික කේන්ද්‍ර ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.
ධර්මසේන පතිරාජගේ සිනමා රීතිය වීමංසනයේ දී 1970 දශකයේ සමාජ, ආර්ථික, දේශපාලන පසුබිම විසින් බිහි කරන ලද නිර්මාණකරුවකුගේ භූමිකාව ඔහු සතු ය. සෙසු ලාංකීය සිනමාකරුවන් අතුරින් පතිරාජ මතු කර දක්වන සුවිශේෂතාව වන්නේ ඔහුගේ විකල්ප සිනමා රීතිය යි.
ගී්රක පැරණි කොමඩි නාට්‍ය කලාවේ නියමුවා ලෙස සැලකෙන්නේ ඇරිස්ටොෆානීස්ය. හෙතෙම කි‍්‍ර.පූ. හාරසිය හතළිස් ගණන්වල ඉපිද කි‍්‍ර. පූ. තුන්සිය අසූ ගණන්වල මියගිය බව සැලකේ. ඔහු විසින් නිර්මාණය කරන ලැදැයි සැලකෙන නාට්‍ය එකොළහ අතුරින් මැඩියෝ නාට්‍යය (The Frogs - කි‍්‍ර.පූ. 405) සාහිත්‍ය විචාර චින්තා ද අන්තර්ගත වන ප්‍රබල නිර්මාණයක් ලෙස පිළිගැනේ. එහි ආරම්භක දර්ශනය සාම්ප්‍රදායික ප්‍රතිමාන උඩු යටිකුරු කරන්නකි. මෙහිලා ඒ පිළිබඳ විමර්ශනය කෙරේ.
පච්චා යුගය පසුකර අපි දුරගමනක් ගොස් ඇත. අද තිබෙන්නේ ටැටූ යුගයයි. පච්චා යුගයේත් ටැටූ යුගයේත් ඒ වෙනුවෙන්ම බිහිවූ නිර්මාණකරුවන් සහ ලෝලීන් පිරිසක් සිටීම සමානකමකි. එදා ඉදිකටු තුඩ රත්කර තීන්තෙන් හම මත හණ ගැසූ තැන පටන් අද ඉලෙක්ට්‍රෝනික මාධ්‍යයෙන් ත්‍රිමාණ ටැටූ සමමත මැවෙන තැනට දියුණව ඇත. ඒ දියුණුව තුල ටැටූ කලාවේ ප්රගමනය සහ සමාජ භාවිතය පිළිබඳ කතාකරන්න අපි ගොඩවුනේ හොරණ රත්නපුර පාරේ “අලංකාර“ සැලූන් වෙතයි. අලංකාර චමීල් පසුගිය කාලයේ කළ ටැටූ නිර්මාණ නිසාම දැඩිලෙස කතාබහට ලක්වුණු ටැටූ නිර්මාණ ශිල්පියෙකි. එය එක්තරා ආකාරයක සාකච්ඡාවට වඩා ටැටූ පිලිබඳ පාඩමක් ලෙස හැඳින්වූවාට වරදක් නැත.
ප්‍රවීණ වාදන ශිල්පීයකු සහ සංගීත අධ්‍යක්ෂකවරයකු වන සෝමපාල රත්නායක මහතා හදිසියේ රෝගීවීම හේතුවෙන් ඊයේ(17) කොළඹ ජාතික රෝහලට ඇතුළු කරනු ලැබ සිටි ඔහු අද(18) අලුයම ජීවිතක්ෂයට පත්විය.