අවසන ඔවුහු තම විරෝධය පානු වස් කොටු දුම්රියපොළ ඉදිරිපිට උද්ඝෝෂණ ව්‍යාපාරයක ද නිරතවූහ.
කෙසේ වුව ද එම උද්ඝෝෂණය හේතුවෙන් දුම්රිය මගීහු පමණක් නොව බස් මගීහු ද බරපතළ අර්බුදයකට ලක්වූහ. ඒ, දුම්රිය මගීහු කොටුව දුම්රියපොළ ඉදිරිපිට දි කළ උද්ඝෝෂණය හේතුවෙන් මාර්ග අවහිර වීම ය. අවසානයේ සිදු වූයේ දුම්රිය මගීහු තම අවශ්‍යතාව සපුරාගනු වෙනුවට බස් මගින් ද දුම්රිය මගීහු පත්වූ අපහසුතාවට ම පත්වීම ය. මෙය එක් අතකට බලද්දි ‘‘අපිට ගෙවල්වලට යන්න විදියක් නැතිනම් තොපිට යන්න දෙන්නෙත් නැහැ’’ බඳු ක්‍රියාවක් නොවේදැයි අපි යළිත් සිතා බැලිය යුතුව ඇත.
ආණ්ඩුවේ අවස්ථාවාදය
දුම්රිය මගිහු මේ ආකාරයට සිය විරෝධතාව පළ කිරීමෙන් ඉක්බිති මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්තුමාගේ අත්සනින් යුතුව අදාළ වර්ජනය සහ දුම්රිය රියදුරෝ ලබාගන්නා වැටුප් ප්‍රමාණය සහ ඔවුන්ගේ ඉල්ලීම් ඉටු කළහොත් රටේ අනෙකුත් රාජ්‍යය සේවක වැටුප් පවා වර්ධනය කළ යුතු බව දන්වමින් නිවේදනයක් නිකුත් කර ඇත.
එහි කැපී පෙනෙන ලක්ෂණයක් වන්නේ දුම්රිය රියදුරෝ රුපියල් ලක්ෂ දෙක ද ඉක්මවු වැටුපක් ලබාගන්නා බව සහ ඔවුන් සිය වැටුප තවත් වැඩි කරන්නැයි ඉල්ලා සිටීම අසාධාරණ යැයි පෙන්වා දිම ය. නමුත් මෙහි දී අපි සලකා බැලිය යුත්තේ දුම්රිය රියදුරෝ යනු බස් රියදුරාට හෝ වෙනත් රියදුරකුට සමපාත කළ හැකි වෘත්තිකයකු ද යන්න ය.
මේ අනුව බලන විට ඉදිරි කාලයේ දී ඇතැම් විට ගුවන් යානා පදවන්නෝ ද තම වැටුප වැඩි කරන්නැයි ඉල්ලා සිටි මොහොතක ඔවුන් ලබාගන්නා වැටුප් ප්‍රමාණය මහජනතාවට ඉදිරිපත් කර එය ඉතා විශාල වැටුපක් වන බැවින් ඔවුන්ගේ වැටුප් වැඩි කරන්නැයි ඉල්ලිම අසාධාරණ යැයි පවසන්නට ද පිළිවන.
ආණ්ඩුවක් ලෙස මේ ආකාරයට වර්ජකයන්ගේ වැටුප් ප්‍රමාණය මහජනතාවට ඉදිරිපත් කර අදාළ වැඩ වර්ජනය අසාධාරණ යැයි මහජනතාව ලවා ම ප්‍රකාශ කරවාගන්නට දරන තැත සුබදායි දෙයක් ලෙස දැකිය නොහැකි ය; එමෙන්ම එය නරක ආදර්ශයක් ලෙස ඳ හදුන්වා දිය හැකි ය.
වර්ජකයන්ගේ අසාධාරණත්වය
වර්ජකයන්ගේ පාර්ශ්වයෙන් ගත් විට ද කිසියම් අසාධාරණයක් සිදු කර ඇති බව අදාළ ක්‍රියාමාර්ගය දියත් කිරීමේ දී අනුගමනය කළ පිළිවෙත පිළිබඳ අවධානය යොමු කිරීමේ දී දක්නට හැකි ය. එනම් ආණ්ඩුව ප්‍රකාශ කරන්නේ හිටි අඩියේ නොදන්වා ම වර්ජනය කර ඇති බවයි. එය සාධාරණ වෘත්තිය ක්‍රියාමාර්ගයක් නොවන බව ද මෙහි දී තරයේ ම ප්‍රකාශ කළ යුතු ය.
කිසියම් වෘත්තියවේදින් පිරිසක් මොනයම් හෝ හේතුවක් මත වර්ජනයක නියැළෙන්නේ නම් අදාළ වර්ජනය පිළිබඳ පූර්ව දැනුම් දීමක් කළ යුතු ය. එසේ නොකර බිරිඳ සමග අමනාප වී තම නිවසෙන් හිටි අඩියේ පිට වි යන ආකාරයට වර්ජනය කිරීමෙන් අපහසුතාවට පත්වන්නේ ද මේ රටේ ම වැඩ කරන ජනතාව බව වර්ජනය ක්‍රියාත්මක කළ වෘත්තියවේදිහු කල්පනා කළ යුතු ය.
රටේ ජීවත්වන සැම පුද්ගලයකුට ම ඒ ඒ පුද්ගලයන්ගේ ජීවන රටාවට අනුව අර්බුදකාරි තත්ත්වයක් පැනනැගි තිබේ. එය දුම්රිය රියදුරන්ට මතු නොව රටේ සමස්ත වැඩ කරන ජනතාවට ම බලපාන පොදු කරුණකි. ඒ සඳහා අරගල කළ යුත්තේ ද වෘත්තිය මට්ටමෙන් නොව සමස්ත රටවැසියන් ලෙස ය. එසේ නොමැතිව එක් එක් වෘත්තියවේදීහු තම තමන්ගේ පුද්ගලික අරමුණු අරභයා මේ ආකාරයට වර්ජන ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වීමේ දී එහි වාසිය අත්පත් කරගන්නේ ද පවතින ආණ්ඩුව ම බව වටහාගත යුතු ය. එමෙන් ම එක් වෘත්තියවේදින්ගේ වර්ජනයක් කඩාකප්පල් කිරීම සඳහා රටේ නීතිය අතට ගෙන කටයුතු කිරිම ද රටට මෙන්ම ජනතාවට ද හිතකර තත්ත්වයක් නොවේ.
මාධ්‍යය අවස්ථාවාදය
දුම්රිය වර්ජනයට එරෙහිව උද්ඝෝෂණය කළ ජනතාවගේ හැසිරීම මාධ්‍යයට හසුකරගත්තේ ද හුදෙක් ‘‘පුවත් විකුණාගැනීමේ අරමුණ’’ පදනම් කරගනිමින් මිස එය අපක්ෂපාති අන්දමට භාවිතා කරමින් නොවේ. විශේෂයෙන්ම පුද්ගලික රුපවාහිනි නාලිකා මෙම සිදුවීම් වාර්තා කළේ ‘‘මෙන්න අරාබි වසන්තය ඇවිල්ලා’’ බඳු ස්වරූපයකිනි. ඔවුන් කිසිවකු මෙම සිද්ධිය පිළිබඳ විමර්ශනාත්මක ඇසකින් නොබැලු බව අදාළ ප්‍රවෘත්ති ඉදිරිපත් කළ ආකාරයෙන් මනාවට පැහැදිලි විය. මේ කිසිදු මාධ්‍යයක් ‘‘නිතිය ජනතාව අතට ගැනිම වැරැදි බව’’ පෙන්වා දෙන්නට කිසිදු උත්සාහයක් ගෙන නොතිබුණි. ආණ්ඩුව මෙන්ම මාධ්‍යය ද මගින්ගේ උද්ඝෝෂණය යොදාගත්තේ තම තමන්ගේ වාසියට මිස සැබැ ජනතා ප්‍රශ්නය විසඳීමේ වුවමනාවකින් නොවන බව පැහැදිලි ය.
අවසාන වශයෙන් පැවසිය යුත්තේ ආණඩුවේ බලධාරිහු ද, රටේ වැඩ කරන ජතාව ද (විශේෂයෙන් ම දුම්රිය මගීහු), දුම්රිය රියදුරෝ සහ මෙරට මාධ්‍යය ද මෙම අවස්ථාවේ දී කටයුතු කර ඇත්තේ හුදු ආත්මාර්ථකාමීත්වය පමණක් ඉස්මත්තට රැගෙන එමිනි. ඔවුන් කිසිවකුත් වගකීමක් සහිතව කටයුතු කළ බව දක්නට නොමැත. සියලු දෙනාම ලද අස්ථාවෙන් ප්‍රයෝජන ගන්නට උත්සාහ කළ බවක් දක්නට ඇත. එය රටක වර්ධනයට කෙසේ වෙතත් අගාධයට ගමන් කිරීමට පහසු ම මාර්ගයක් වන බව පැවසිය යුතු ම ය.
මතු දැක්වෙන්නේ මුදල් හා ජනමාධ්‍යය අමාත්‍යාංශයේ ලේකම්තුමා විසින් නිකුත් කරන ලද නිවේදනය සහ දුම්රිය රියදුරෝ ප්‍රමුඛ අනෙකුත් දුම්රිය වෘත්තිකයෝ ලබාගන්නවා යැයි පවසන වැටුප් වාර්තාව ය.
දුම්රිය රියදුරන් යනු තමන් ලබන මාසික ඒකාබද්ධ වැටුපට මසකට රු. 10,000 ක් පමණ උපයන විට ගෙවීමේ බදු ගෙවන රාජ්‍ය අංශයේ වැඩි වැටුප් ලබන සුළු පිරිසකගෙන් එක් කොට්ඨාශයකි.
දුම්රිය සේවාවේ මේ වනවිට වැඩ වර්ජනය කරන දුම්රිය රියදුරන් ඇතුළු කාර්ය මණ්ඩලවල වැටුප් වාර්තාව දැකගතහොත් මහජනතාව පමණක් නොව එකළොස් ලක්ෂයක් පමණවන සෙසු රාජ්‍ය සේවකයන්ද පුදුමයට පත්වීම නොඅනුමානයි. හේතුව බොහෝ මාසවලදී ඔවුන්ගේ මාසික ඒකාබද්ධ වැටුප දෙලක්ෂ පනස්දහසකට ආසන්න වන බැවිනි.
දැනට වැඩ වර්ජනයේ නිරත දුම්රිය එන්ජින් රියදුරු, දුම්රිය නියාමක, දුම්රිය ස්ථානාධිපති, දුම්රිය අධීක්ෂණ කළමනාකරණ විශේෂ ශ්‍රේණියට අයත් නිලධෘරීන්ගේ මාසික ආරම්භක මූලික වැටුප වනුයේ රු. 44,600 කි.(වැටුප් කේතය එම් එන් 07) ඔවුන් මෙම මූලික වැටුප රු. 56,205 ක් ලෙස වැඩිකරන ලෙස ඉල්ලමින් වැඩ වර්ජනය කරති.
1,141,650 ක් වන විශ්‍රාම වැටුප් හිමි රාජ්‍ය සේවකයන්ගෙන් මේ සා විශාල ලෙස ලක්ෂ ගණනින් ඒකාබද්ධ මාසික වැටුප් ලබනුයේ දුම්රිය සේවය හැරුණු විට වෛද්‍ය සේවයේ නිලධෘරීන් සහ මෑතක සිට විධායකයට අයත් නීතිපති හා නීති කෙටුම්පත් දෙපාර්තමේන්තු නිලධාරීන් පමණි.
වර්ජිත දුම්රිය සේවකයන් තම මූලික වැටුප රු. 56,205 දක්වා වැඩිකරන ලෙසඉල්ලා සිටිති. එසේ ඔවුන්ගේ ඉල්ලීම් ලබාදෙන්නේ නම් රාජ්‍ය අංශයේ අතිවිශාල වැටුප් විශමතාවයක් ඇතිවේ.
දැනට රාජ්‍ය සේවයට අයත් ඉංජිනේරු, ගණකාධිකාරී, ක්‍රමසම්පාදන, වාස්තු විද්‍යාඥ,, වෛද්‍ය සේවා, කෘෂිකාර්මික, මිනින්දෝරු, කාර්මික, සහකාර පොලිස් අධිකාරී ආදී වෘත්තීය සේවාවන් හට අයත් නිලධාරීන්ගේ මෙන්ම පරිපාලන නිලධාරීන් හා අධ්‍යාපන පරිපාලන සේවාවන් ඇතුළු දීප ව්‍යාප්ත සේවාවන් හට අයත් නිලධාරීන් මෙන්ම දේපාර්තමේන්තුගත සේවාවල නිලධෘරීන්ගේද මූලික වැටුපට වඩා වැඩි වැටුපක් දුම්රිය සේවකයන් හට ලැබෙනු ඇත. මෙය, රාජ්‍ය සේවයේ මෙතෙක් පැවත ආ වැටුප් ව්‍යුහයේ විශාල පරතරයක් ඇතිවීම වැළැක්විය නොහැකි ය.
මෙම සන්දර්භය යටතේ තම වැටුප් තවදුරටත් වැඩිකරන ලෙස රාජ්‍ය සේවයේ එක්ලක්ෂ පනස් දහස ඉක්මවා මාසික වැටුප් ලබන දුම්රිය සේවාව හා වෛද්‍ය සේවාවට අයත් නිලධෘරීන් මෙසේ හිත්පිත් නැතිව තම සාක්කු පුරවා ගැනීම සඳහා ජනතාව ප්‍රාණඇපකරුවන් ලෙස තවදුරටත් තබාගැනීමට ජනතාව සූදානම් නැතිබව ඊයේ කොටුව දුම්රිය පොළ ඉදිරියේදී දුම්රිය මගීන් හැසිරුණු ආකාරය රටටම ප්‍රදර්ශනය විය.
M.Ali Hassen
Director of Information
Ministry of Finance & Mass Media
Ministry of Finance
Colombo
0773184272/0112151475
Fax 0112326355
තනතුර |
වැටුප් ක්‍රමය |
ආරම්භක වැටුප රු. |
දුම්රිය එන්ජින් රියදුරු, දුම්රිය නියාමක, දුම්රිය ස්ථානාධිපති,දුම්රිය අධීක්ෂණ කළමණාකාර තනතුරුවල විශේෂ ශ්‍රේණිය |
MN 07 |
44600 |
ශ්‍රී ලංකා ගුරු සේවයේ 1 පන්තිය |
GE 02 |
44950 |
භාෂා පරිවර්තක සේවයේ විශේෂ ශ්‍රේණිය |
MN 07 |
45355 |
ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ 1 සේවයේ 1 පන්තිය |
GE 04 |
46325 |
ශ්‍රී ලංකා පරිපාලන සේවය |
SL 01 |
47615 |
ශ්‍රී ලංකා ඉන්ජිනේරු සේවය |
SL 01 |
47615 |
ශ්‍රී ලංකා විද්‍යාත්මක සේවය |
SL 01 |
47615 |
ශ්‍රී ලංකා කෘෂිකර්ම සේවය |
SL 01 |
47615 |
ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය |
SL 01 |
47615 |
ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥ සේවය |
SL 01 |
47615 |
ශ්‍රී ලංකා මිනින්දෝරු සේවය |
SL 01 |
47615 |
ශ්‍රී ලංකා ක්‍රම සම්පාදන සේවය |
SL 01 |
47615 |
ශ්‍රී ලංකා ඝණකාධිකාරී සේවය |
SL 01 |
47615 |
ශ්‍රී ලංකා විගණන සේවය |
SL 01 |
47615 |
ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපනඥ සේවය |
SL 01 |
47615 |
ශ්‍රී ලංකා කාර්මික අධ්‍යාපන සේවය |
SL 01 |
47615 |
ශ්‍රී ලංකා පොලිසිසේ සහකාර පොලිස් අධිකාරී |
SL 01 |
47615 |
අමාත්‍යංශ හා දෙපාර්තමේන්තුවල නීති නිලධාරීන් |
SL 01 |
47615 |
දෙපාර්තමේන්තුගත සහකාර අධ්‍යක්ෂ/සහකාර කොමසාරිස් |
SL 01 |
47615 |
දේශීය ආදායම් සහකාර කොමසාරිස් |
SL 01 |
47615 |
සංඛ්‍යාලේකන දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා ලේකනඥ |
SL 01 |
47615 |
තොරතුරු හා සන්නිවේදන සහකාර අධ්‍යක්ෂ |
SL 01 |
47615 |
සහකාර සුරාබදු කොමසාරිස් |
SL 01 |
47615 |
සහකාර කම්කරු කොමසාරිස් |
SL 01 |
47615 |
සහකාර රේගු අධ්‍යක්ෂ |
SL 01 |
47615 |
සහකාර ආගමන විගමන පාලක |
SL 01 |
47615 |
අතුරු වෛද්‍ය සේවයේ ( MT 04) විශේෂ ශ්‍රේණිය |
MT 08 |
50200 |
මහජන සෞඛ්‍ය පරීක්ෂක විශේෂ ශ්‍රේණිය |
MT 08 |
51545 |
අතුරු වෛද්‍ය සේවයේ ( MT 05) විශේෂ ශ්‍රේණිය |
MT 08 |
51545 |
පරිපූරක වෛද්‍ය සේවාවන්ගේ විශේෂ ශ්‍රේණිය |
MT 08 |
52890 |
අතුරු වෛද්‍ය සේවයේ ( MT 06) විශේෂ සේවය |
MT 08 |
52890 |
දන්ත වෛද්‍ය නිලධාරීන් |
SL 02 |
52955 |
ආයුර්වේද වෛද්‍ය නිලධාරීන් |
SL 02 |
52955 |
හෙද සේවයේ විශේෂ ශ්‍රේණිය |
MT 08 |
54235 |
වෛද්‍ය නිලධාරීන් |
SL 02 |
54290 |
ලියාපදිංචි/සහකාර වෛද්‍ය නිලධාරීන් (විශේෂ ශ්‍රේණිය) |
MP 02 |
56205 |
යෝජිත සංශෝධන ක්‍රියාත්මක කළහොත් දුම්රිය එන්ජින් රියදුරු, දුම්රිය නියාමක, දුම්රිය ස්ථානාධිපති, දුම්රිය අධිකරණ කළමනාකරණ තනතුරුවල විශේෂ ශ්‍රේණියේ වැටුප |
RM 02 |
56205 |