SIS - Strategic Information Services

  • Home
  • පුවත්
  • විශේෂාංග
  • BIZ
  • ක්‍රීඩා
  • Art එක
  • Cartoon
  • මතවාද
  • Video
  • අප ගැන
  • දැන්වීම්

ahanna

නියුරෝසිකයකු නොවන්නේ කවුද?
නවකතාව

නියුරෝසිකයකු නොවන්නේ කවුද?

16,Feb 2019
Be the first to comment!

කෘතහස්ත ලේඛක ජොසේ සරමාගෝ පැවසූයේ "ලේඛයා වනාහී ස්වදේශීය සාහිත්‍යයේ නිර්මාණකරුවාය; එහෙත් පරිවර්තකයා වනාහි විශ්වව්‍යාපී සාහිත්‍යයේ නිර්මාණකරුවාය" යනුවෙනි.

Read more
‘‘හඬ නිහඬ’’ මහවැලි කේන්ද්‍රයේ
නවකතාව

‘‘හඬ නිහඬ’’ මහවැලි කේන්ද්‍රයේ

03,Feb 2019
Be the first to comment!

සුප්‍රකට හොලිවුඩ් තිරකතා රචකයකු වූ ALEX MICHAELIDES විසින් රචිත ප්‍රථම නවකතාව වන ‘‘SILENT PATIENT’’  කෘතියේ සිංහල පරිවර්තනය ‘‘හඬ නිහඬ’’ නමින් පෙබරවාරි 09 වන දින සවස 03.00ට කොළම 07, ආනන්ද කුමාරස්සාමි මාවතේ මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේ දී ජනගතකෙරේ.

Read more
අවුෂ්විට්ස්හි පච්ච (හංවඩු) කොටන්නා
නවකතාව

අවුෂ්විට්ස්හි පච්ච (හංවඩු) කොටන්නා

27,Jan 2019
Be the first to comment!

පූර්විකාව

Read more
මහපොළවේ වෙසෙන මිනිසුන්ගේ කතාන්දරය - ධරණි
නවකතාව

මහපොළවේ වෙසෙන මිනිසුන්ගේ කතාන්දරය - ධරණි

16,Jan 2019
Be the first to comment!

කත්‍යානා අමරසිංහගේ ධරණි පැය දෙකහමාරක් වැනි කාලයකින් එක හුස්මට කියවා නිමකළෙමි.

Read more
පැරීසීය වලාකුළු අතර පාවී බිමට වැටුණෙමි
නවකතාව

පැරීසීය වලාකුළු අතර පාවී බිමට වැටුණෙමි

14,Jan 2019
Be the first to comment!

පැරීසිය කියූ පමණින් විවිධ දෑ මනස මත්තේ මැවුණ ද ඩූමානු සහ හියුගෝයීය සාහිත්‍යයේ එන: කුදා, ජෝන් වැල් ජෝන්, මොන්තෙ ක්‍රිස්තෝ ආදී වූ චරිත සමග බැඳි සාහිත්‍යය විඳි පුද්ගලයකුට පැරීසිය වනාහි ප්‍රේමයේ නගරය වන බව කවර අයුරකින් නොසලකා හැරිය හැක්කේ ද?

Read more
‘‘කුරුඳුවත්ත’’ ජනගත කෙරේ
නවකතාව

‘‘කුරුඳුවත්ත’’ ජනගත කෙරේ

04,Jan 2019
Be the first to comment!

කේ. සුනිල් ශාන්ත විසින් රචිත ‘‘කුරුඳුවත්ත’’ නවකතාව ජනවාරි 19වන දින සවස 02.30ට කොළඹ 07, ස්ටැන්ලි විජේසුන්දර මාවතේ පිහිටි බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේ (NADA) දී ජනගත කෙරේ.

Read more
ඇල්බෙයා කැමූගේ " මාර්සෝ(අමුතුම මිනිහෙක්), මාටින් වික්‍රමසිංහගේ " අරවින්ද( විරාගය) " සහ ලෙනාඩ් වුල්ෆ්ගේ " සිලිඳු(බැද්දේගම)"
නවකතාව

ඇල්බෙයා කැමූගේ " මාර්සෝ(අමුතුම මිනිහෙක්), මාටින් වික්‍රමසිංහගේ " අරවින්ද( විරාගය) " සහ ලෙනාඩ් වුල්ෆ්ගේ " සිලිඳු(බැද්දේගම)"

03,Oct 2018
Be the first to comment!

පසුගිය මාසයේ තාත්තාගෙ අවුරුද්දෙ දානයට ලංකාවට ගිය ඇසිල්ලේ නිකමට මෙන් පුවත්පතක සාහිත්‍යය අතිරේකය කියවද්දී මගේ ඇස ගැටුණේ අපූරු ලිපියකි.

Read more
අනුර වික්‍රමසිංහ ලියු අලුත් ම නවකතාව ‘භවන්කුණ්ඩය’ අමුතු කතාවක්.
නවකතාව

අනුර වික්‍රමසිංහ ලියු අලුත් ම නවකතාව ‘භවන්කුණ්ඩය’ අමුතු කතාවක්.

29,Sep 2018
Be the first to comment!

අනුර වික්‍රමසිංහ ලියු අලූත්ම නවකතාව ‘භවන්කුණ්ඩය’ නමින් දැන් නිකුත් වී ඇත.

Read more
‘‘FAIRWAY” ජාතික සාහිත්‍යය සම්මාන 2018 අවසන් වටය සඳහා නිර්දේශිත නවකතා
නවකතාව

‘‘FAIRWAY” ජාතික සාහිත්‍යය සම්මාන 2018 අවසන් වටය සඳහා නිර්දේශිත නවකතා

31,Aug 2018
Be the first to comment!

‘‘FAIRWAY” සාහිත්‍යය සම්මානය සඳහා නිර්දේශිත කෘති සිංහල නවකතා පහක් ඊයේ (30) නම් කර ඇත. 

Read more
සුසර වෙතින් නවතම කෘති හතරක්
නවකතාව

සුසර වෙතින් නවතම කෘති හතරක්

29,Aug 2018
Be the first to comment!

2018 සාහිත්‍යය මංගල්‍යය නිමිති කරගනිමින් සුසුර ප්‍රකාශන ආයතනය විසින් නවතම කෘති හතරක් ජනගතකිරීමට කටයුතු යොදා ඇත. මෙම ජනගතකිරීම එළඹෙන 30වන දින සවස 03.00ට කොළඹ මහවැලි කේන්ද්‍රෙය් දී පැවැත්වේ.

සේනානි ධර්මරත්න පරිවර්තනය ‘‘කළ හාවැට දිගේ ගෙදර බලා’’, එඩ්නා මල්කාන්ති පරිවර්තනය කළ ‘‘අලස රැවටිලිකාරයා හෙවත් නේපාල ජනකතා’’, මොහාන් ශ්‍රියන්ත සංස්කරණය ක‘‘ළ අවසන් කංචනාදය’’ සහ උපාලි රත්නායක පරිවර්තනය කළ ‘‘ඔක්තෝබර්’’ මෙම නවතම කෘති හතරයි.

මෙහි දී: මනෝරම වීරසිංහ, ගුණසේකර ගුණසෝම, වෛද්‍ය නන්දන අතපත්තු සහ ආචාර්ය ධම්ම දිසානායක දෙසුම් පැවැත්වීමට නියමිත ය.

සාහිත්‍යයට ළැදි සියලු දෙනාට ආරාධනා!!!susara 01

susara 02

susara 03

susara 04

Read more
ලු ශුන් සටන්කාමි සහ මානව ප්‍රේමී ලේඛකයෙක් - කමල් පෙරේරා
නවකතාව

ලු ශුන් සටන්කාමි සහ මානව ප්‍රේමී ලේඛකයෙක් - කමල් පෙරේරා

27,Aug 2018
Be the first to comment!

දීර්ඝ කාලයක සිට සාහිත්‍යයකරණයේ නියැළෙන කමල් පෙරේරා සාහිත්‍යෙව්දියා: කෙටිකතාකරුවෙකි, නවකතාකරුවෙකි, කවියෙකි, යොවුන් සාහිත්‍ය රචකයෙකි.

Read more
නිහඬ සමයක අස්වනු
නවකතාව

නිහඬ සමයක අස්වනු

26,Aug 2018
Be the first to comment!

''මගේ නම.....?"

පසුගිය කාලය මුළුල්ලේ, මුහුණු පොත් අවකාශයේ එහෙමකට සැරී නොසැරියෙමි. ඉඳ හිට එබී ඇතැම් මුහුණු මත ක්ෂණ බැලුම් හෙළා ගිය ද, වෙන-කෙරෙන දෑ ලුහුඬින්සොයා බැලුව ද, මගේ මූණත්තහඩුව පෙන්වීමට නොආවෙමි. ඒ, ගෙවීගිය කාලය මුළුල්ලේ බෙහෙවින් වෙහෙසකර වැඩ ගොන්නක සිරවී සිටි බැවිනි.orhan 01

එහෙත් නිහැඬියාව බිඳහැර, ඒ වෙහෙසකර වැඩවල පලදාවෙන් එක් නැවුම් ඵලයක් ඔබ හමුවේ තබන්නට කාලය පැමිණ ඇතැයි සිතමි.


ඒ ඔටෝමන් අධිරාජ්‍යයේ හදවත වූ ඉස්තාන්බුල් නගරය යි. වර්ෂයෙන් 1591 වැන්න යි: ඒ සියවස තුළ ම එහි හිනිපෙත්තට නැඟගත් අධිරාජ්‍යයේ පිරිහුම් ලකුණු පහලවූ, 16 වන සියවසේ අග්ගිස්ස යි.

ඔටෝමන් සුල්තාන්වරයා ගේ රාජකීය සිත්තර ශිල්පායතනයේ රන් අලංකාරිකයකු අභිරහස් ලෙස ඝාතනය කැරේ. ඔහු ගේ ප්‍රාණය නිරුද්ධ සිරුර පාළු ළිදක හෙළනු ලැබ තිබී හමුවෙයි.

අපේ කතාව ආරම්භ වන්නේ එතැනිනි.

අබිරහස් පුස්තකය

සිය මාමණ්ඩිය ගේ දියණිය කෙරේ බැඳි ප්‍රේමයෙන් ප්‍රතික්ෂේපිතව, දීර්ඝ වූ රුදුරු විප්‍රවාසයක එකලාව සැරූ තැවුල්බර ප්‍රේමවන්තයා, දොළොස් වසක් ඇවෑමෙන් ආපසු ඉස්තාන්බුල් කරා පැමිණෙයි. ඒ සිය මාමණ්ඩිය අතින් නිමැවෙමින් තිබූ රහසිගත පුස්තකයක කටයුතුවලට උදව් වනු පිණිස, ඔහු ගේ ම ආරාධනයෙනි.

මාමණ්ඩිය ගේ පුස්තකය නිමකැරෙන්නේ සුල්තාන් ගේ අනුදැනුමෙන්, එහෙත් රාජකීය සිත්තර ශිල්පායතනයට රහසිනි. එබැවින් එය රහසිගත පුස්තකයකි. එය යක්ෂයා ගේ පෙළැඹවීමෙන් කෙරෙන්නා වූ දේවාපහාසයකැයි දූසමාන ආරංචි පවා පැතිරේ. එහෙත් මේ අබිරහස් පුස්තකය තවම හරිහැටි දුටු කෙනකු ද නැත.

ශිල්පායතනයේ සිත්තරු අමතර රිදීකාසි කිහිපයක් උදෙසා මහ රෑ සොරුන් මෙන් මාමණ්ඩිය ගේ, එනම් පුස්තකයේ වගකීම දරන සිත්තර ඇදුරා ගේ, නිවස කරා පැමිණ පුස්තකයේ වැඩකරති. එහෙත් ඔවුන්ගෙන් ඇතැමෙක් භීතියෙන් සසැලී සිටිති. තමන් ඇත්තටම කරමින් ඉන්නේ දේවාපහාසයක්ද?

එහෙත් මේ පුස්තකයේ ද රන් ඔපදැමුම් කළ අලංකාරිකයා මරාදැමූ මිනීමරුවා ගැවසෙන්නේත් මේ සිත්තරුන් අතරෙහිම ය...

හැකිනම් අල්ලනු

සිසිරයේ සීතලෙන් මිදුණු දින නවයකි. පරිච්ඡේද 59ක් පුරා දිවෙන දැවන්ත පඨිතයකි. හැම පරිච්ඡේදයක් ම යනු, වෙන වෙනත් කථකයන් ගේ ආත්ම භාෂණයකි. මරාදමනු ලැබ පාළු ළිඳක් පල්ලේ වැටී සිටිනා මළමිනියේ ආත්ම භාෂණයෙන් ඇරැඹෙන කතාව කියන්නට කථකයකු ලෙස මිනීමරුවා ද පැමිණෙයි. 'මා භාවිත කරන වදන්වලින් හැකිනම් මා අල්ලාගන්නැ'යි ඔහු පාඨකයාට අභියෝග කරයි. ඒ මිනීමරුවා ම තවත් වරෙක සිය සිත්තර නාමයෙන් පෙනීසිටිමින් විශාරද සිත්තරකු මෙන් පාඨකයා හමුවට පැමිණෙයි. කුප්‍රකට කෝපිහලකට සැඳෑ කල අරක්ගන්නා කතන්දරකාරයෙකුගෙන් හඬ ලබන ගසක්, රන්කාසියක්, බල්ලෙක් මතු නොව සාතන් ද කතාන්තරය කීමට හවුල් වෙති. සිය හිස්මුදුණ මත හෙලන ලද මාරාන්තික ප්‍රහාරයකින් ලේ විලක් මැද මියයමින් සිටින සිත්තර ඇදුරා ද, එක ම එක අසිපත් පහරකින් කඳින් සිඳී මඩගොහොරුවක පතිත ඔළුගෙඩියක් ද පාඨකයා අමතා කතාකරති.

මේ වූ කලි, නොබෙල් සාහිත්‍ය සම්මාන ලාභී තුර්කි ලේඛක ඔර්හාන් පමුක් ගේ My Name is Red නම් විශිෂ්ට නවකතාවේ දල සැකිල්ලකි.

පමුක් සහ ඉන්ද්‍රාලික කළාලය

එකම ශිල්ප සංඝයේ සහෝදර ශිල්පීන් අතර වන අන්‍යොන්‍ය වෛරය, ද්වේශය, ඊර්ෂ්‍යාව, ආදරය, සහෝදරත්වය මෙන් ම පාවාදීම් සහ බෙලිකපාගැනීම් - ඇනකොටාගැනීම් ද පමුක් විස්මිත ලෙස එක මිටට මිරිකාගනී. ප්‍රේමය, රාගය, විරහව, ප්‍රතික්ෂේප වීම සහ අහිමි වූ ආලය අංගවිකලව යළි හමුවීම ඔහු මායාවී ලෙස එකට කලතයි. අධිකාරීවාදී ආගමික සමාජයක ස්වාමියා අහිමි වන රූබර තුරුණු මවක ගේ වියෝදුක, ලාලසාව, පිළිසරණ විරහිත බව, ආරක්ෂාව පතා ඈ කරන්නා වූ කූට ප්‍රයෝගයන්ගෙන් සහ ආත්මාර්ථකාමයෙන් ද නො අඩු වූ ජීවන අ‍රගලය, ඒ සියල්ල හා සුගම සූක්ෂමතාවකින් වෙළා පටලයි. මේ සියලු මනුෂ්‍ය ස්වභාවයේ අන්ධකාර ගුහා ගර්භය, ආගමික තහංචියෙන් රිංගා යන පෙරදිග සිත්තම් කලාවේ ද, යුරෝපයේ නැඟඑන මධ්‍යකාලීන සිත්තම්කරණයේ ද දෛවෝපගත අභිමුඛයත්, ඒවායේ දාර්ශනික පසුබිම්, එදිරිවාදිකම් හා ගරුකුල වාදයේත් ගටා පමුක් ඉන්ද්‍රජාලික ලෙස එක කලාලයකට වියයි. සිත්තරකරණය ඒ කලාලය මත විසුල මායාමය වර්ණ-රටා විසිතුරක් ව මේ පශ්චාත් නූතන පඨිතය අරා හිඳී. මේ කළාලයේ අසංඛ්‍ය නූල් සූත්තර එක මිටට අල්ලාගෙන සිටිනා බලවේගය අධිකාරීවාදී ආගමික-දේශපාලන බලරටාවක අදිසි හස්තය වන්නටත් බැරිද?

පමුක් යනු ඇස්බැන්දුම්කාරයෙක්ද? නැතිනම් ඔහුත් නො දැන ඔහු ලියූ ඉතිහාසය මේ මොහොතේ මිහිමත කුමන නුවරක හෝ වෙසෙන අප හමුවේත් අඩුවැඩි වශයෙන් නැවත රඟදැක්වෙන්නේද? නැතිනම් ඔහු ඇත්තටම කරන්නේ දැනුවත් වචන සෙල්ලමක්ද?

ඔර්හාන් පමුක් සිංහලයෙන් කියවන පාඨකයා හමුවට එන්නේ පළමු වතාවට ය. එබඳු වූ මැජික්ක‍ාර ලේඛකයකු ඔබට හඳුන්වාදීමට ඔහු ගේ අග්‍රකෘති අතර මහඟු රත්මිණක්ව දිළෙන 'මගේ නම රතු' කොතරම් ඔබින්නේදැයි තව නොබෝ දිනකින් ඔබට ම තීරණය කළ හැකි ය. 

මේ, පරිවර්තකයකු වීමේ කිසිදු අදහසක් නැති, එහෙත් දිව ගෑ විශ්ව සාහිත අමාඵල සිංහලයෙන් කියවන සහෘදයන් හා බෙදාහදාගන්නටත් මනාප වන මගේ දෙ වැනි පරිවර්තන කාර්යය යි. අර මා කලින් කී වෙහෙසකර වැඩගොන්නේ එක් ඵලයක් පමණෙකි, මේ. ඉතිරි ස්වතන්ත්‍ර පලදාවේ තතු කීම මදකට කල් තබමි. ඒ, වෙහෙස මහන්සිය තවමත් අහවර ව නැති බැවිනි.

පසුව ලියමි

ඉස්තාන්බුල් නගර මධ්‍යයේ දිවිගෙවන, ආගමික, දේශපාලන සංස්ථාවල තියුණු විවේචකයෙක් වන ඔර්හාන් පමුක් "අදටත්" වාරණයේ හස්තයෙන් නිහඬ කරවන්නට නොහැකි වී ඇත්තේ, තුර්කියෙහි වාරණයේ යකඩ හස්තය ක්‍රියා විරහිත නිසා නොවේ; පමුක්, පමුක් වන නිසා ය. ඔව්, ඒත් ඒක ටිකක් සංකීර්ණ තත්ත්වයක් තමයි! අපි හෙමිහිට කතාකරමු!!

සනත් බාලසූරිය

Read more
 “සික්” නවකතාව ජනගතකෙරේ
නවකතාව

 “සික්” නවකතාව ජනගතකෙරේ

25,Aug 2018
Be the first to comment!

වර්තමාන සමාජය තුළ පිළලයක් සේ පැතිරෙමින් පවතින හෙරොයින් ඇතුළු අන්තරායකාරි මත්ද්‍රව්‍ය වර්ග සහ ඒ වටා ගොඩනැගී ඇති උපසංස්කෘතිය

Read more
ස්වර්ණ පුස්තක අවසන් වටයේ පොත් නම් කෙරේ
නවකතාව

ස්වර්ණ පුස්තක අවසන් වටයේ පොත් නම් කෙරේ

25,Aug 2018
Be the first to comment!

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය විසින් සංවිධානය කරනු ලබන 2018 ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේ දොළාස්වන අදියරේ අවසන් වටයට නිර්දේශිත නවකතා  05 ඊයේ (24) නම් කර ඇත.

  • වරණ - පද්මිනී සෙනෙවිරත්න - විදර්ශන ප්‍රකාශන
  • චක්‍ර - ජයතිලක කම්මැල්ලවීර - විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය
  • අප්පච්චී ඇවිත් - සමන් වික්‍රමාරච්චි - සරසවි ප්‍රකාශන
  • අසනග වැසි - දර්ශනා ශම්මි විජේතිලක - සුසර ප්‍රකාශන
  • යකඩ සිල්පර - විමල් උදය හපුගොඩාඅරච්චි - සුරස ප්‍රකාශන

මෙම නවකතා පහ අතුරෙන් සම්මානයට හිමිකම් ලබන කෘතිය තේරීමේ ස්වර්ණ පුස්තක සම්මාන උළෙල සැප්තැම්බර් 15 වන දින සවස 06ට බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.

poth 01 1

poth 01 2

poth 01 3

poth 01 4

poth 01 5

Read more
අපි නොදුටු ඉතිහාසයක් සොයන්න පොල් කුපර් වෙහෙසිලා තියෙනවා
නවකතාව

අපි නොදුටු ඉතිහාසයක් සොයන්න පොල් කුපර් වෙහෙසිලා තියෙනවා

16,Aug 2018
Be the first to comment!

‘‘දිවයින’’ සහ ‘‘ඉරිදා දිවයින’’ නමැති පුවත්පත් ද්විත්වයේ ම ජ්‍යෙෂ්ඨ ප්‍රවෘත්ති කතුවරයකු ලෙස සේවය කළ

Read more
K පොයින්ට් ජනගත කෙරේ
නවකතාව

K පොයින්ට් ජනගත කෙරේ

16,Aug 2018
Be the first to comment!

මාධ්‍යවේදියකු, සිවිල් ක්‍රියාකාරිකයකු සහ ගත්කතුවරයකු වන අජිත් පැරකුම් ජයසිංහ විසින් රචිත,

Read more
  • Prev
  • 1
  • 2
  • Next
  • End
Page 1 of 2

Art එක

  • සිනමාව
  • වේදිකාව
  • ගුවන් විදුලිය
  • රූපවාහිනිය
  • සාහිත්‍යය
  • කවිය
  • ගීතය
  • කෙටිකතාව
  • නවකතාව

Art එක

  • “නැණිල කුලුඳුල් සාහිත නිමැවුම් ඇගයුම” සම්මාන උළෙල “නැණිල කුලුඳුල් සාහිත නිමැවුම් ඇගයුම” සම්මාන උළෙල 18,Feb 2019
  • දේශීය ජන සංගීතයේ පුරෝගාමියෙකු වූ ඩබ්ලිව්.බී.මකුළොළුව සූරීන්ගේ ජන්ම දිනය අදයි දේශීය ජන සංගීතයේ පුරෝගාමියෙකු වූ ඩබ්ලිව්.බී.මකුළොළුව සූරීන්ගේ ජන්ම දිනය අදයි 17,Feb 2019
  • බුදුන් නන්ද කුමරුට කළේ බරපතළ අපරාධයක් බුදුන් නන්ද කුමරුට කළේ බරපතළ අපරාධයක් 12,Feb 2019
  • ගොඩගේ අත්පිටපත් සම්මාන උළෙල ගොඩගේ අත්පිටපත් සම්මාන උළෙල 08,Feb 2019
  • නිර්මාණාත්මක ලේඛනය පාඨමාලාවට අයදුම්පත් කැඳවයි නිර්මාණාත්මක ලේඛනය පාඨමාලාවට අයදුම්පත් කැඳවයි 07,Feb 2019
  • චිත්‍රකතා ලෝකයේ චන්ද්‍රයා චිත්‍රකතා ලෝකයේ චන්ද්‍රයා 04,Feb 2019
  • කර්තෘ ප්‍රකාශක ඔබට කර්තෘ ප්‍රකාශක ඔබට 25,Jan 2019
  • සාහිත්‍යය සහ සිය දිවි නසා ගැනීම... සාහිත්‍යය සහ සිය දිවි නසා ගැනීම... 18,Jan 2019
  • රයිගම් සම්මාන උළෙල මාර්තු 23 රයිගම් සම්මාන උළෙල මාර්තු 23 06,Jan 2019

  FaceBook Page

Copyright © SIS.LK 2019 All rights reserved.