ගයාන් රත්නායක සමග මෙරට රග්බි ක‍්‍රීඩාව පිළිබ`දවත් එයින් ඔබ්බෙහි වූ කරුණු පිළිබ`දව අප කළ සංවාදයක් මේ.
ඔබ රග්බි ක‍්‍රීඩාවට අවතීර්ණ වූ ආකාරය පිළිබ`දව මුලින්ම කතා කරමු.
මම ඉපදුණේ වර්ෂ 1983 දී. මූලික අධ්‍යාපනය ලැබුවේ වාරියපොල ශ‍්‍රී ඥානෝදය විද්‍යාලයෙන්. 2002 වර්ෂයේ දී ශ‍්‍රී ලංකා යුද හමුදාවට බැඳෙනවා. කුඩා කාලයේ මම රගර් ගැන දැනගෙන හිටියේ නෑ. මම රගර්වලට යොමුවන්නේ බී. බී. එම්. ධර්මපාල සර් නිසා. මේ නිසා 2004 වර්ෂයේ දී යුද හමුදා රග්බි සංචිතයට ඇතුළු වීමට මට හැකිවුණා. එතැනින් ආරහම්භ කළ මම රගර් ක‍්‍රීඩාවේ යම්තාක් දුරක් ඇවිත් තිබෙනවා.
රගර් ක‍්‍රීඩාව පිළිබඳ ඔබේ අදහස?
මම හිතන්නේ රගර් කියන්නේ සාමූහිකත්වය පදනම් කරගත්ත ක‍්‍රීඩාවක්. ජවසම්පන්න, ශක්තිවන්ත සහ නුවණැතියන් සාමූහික ජයග‍්‍රහණ කරා මෙහෙයවෙන තැනක් දෙයක් විදියටයි මම රග්බි ක‍්‍රීඩාව දකින්නේ. හැබැයි තව කෙනෙක්ට මේ ගැන තවත් අදහස් තියෙන්න පුළුවන්.
මෙරට රගර් ක‍්‍රීඩාව පිළිබඳව ඔබගේ කියවීම කවරාකාර ද?
ඇත්තටම කීවොත් රග්බි ක‍්‍රීඩාව ගැන විස්තර කරන්න ඕනම මාධ්‍යයක මෙතෙක් වෙන්වුණු ඉඩ කඩ හොඳටම ප‍්‍රමාණවත් මදි කියලයි මම විශ්වාස කරනේනෙ. ඕනම දෙයක මුල මැද අග පිළිබඳව හොඳ වැටහීමක් ඇති කෙනෙක්ට තවත් බොහෝ දෙනෙක්ට වැටහෙන ආකාරයට මේක විස්තර කරන්න නම් මීට වඩා වැඩි ඉඩක් මාධ්‍යයෙන් වෙන් කෙරෙන්න ඕන. අන්න එදාටයි රග්බි ක්‍රීඩාවෙන් ලැබිය හැකි ජයග‍්‍රහණ අපට සැබෑවටම අත්පත් කර ගන්න පුළුවන් වෙන්නේ.
ලංකාවේ රගර් ගැන ඔබ අතෘප්තියෙන් ද?
කවුරු මොනව කීවත් මොන පම්පෝරිය ගැහුවත් ජාත්‍යන්තර වශයෙන් ගත්තම අපි ඉන්නේ ඉතාම පහළ තැනක. ලෝකයේ රගර් ශ්‍රේණිගත කිරීමෙන් අපට හොඳ තැනක් කෝ? ලෝකයේ වැඩිම මිලට වෙන්දේසි වෙන ක‍්‍රීඩකයන්ගෙ ලැයිස්තුවල අපේ ක‍්‍රීඩකයො කවුද ඉන්නෙ? එ් නිසා දැන්වත් අපි රගර් ගැන හොඳ ස්වයං විවේචනයක් සහිතව ආපසු හැරී බැලීමක් කරන්න ඕන.
ඔබ එසේ පැවසුවත් මෙරට රග්බි කියන්නේ රාජකීය ක‍්‍රීඩාවක්?
එ්ක සමාජය තුළ තිබෙන පුහු මතයක් විතරයි. මේ වෙනකොට රග්බි ක‍්‍රීඩාවට ලැබෙන රාජ්‍යය අනුග‍්‍රහය කිසිසේත්ම ප‍්‍රමාණවත් නෑ. වෘත්තීමය රගර් ක‍්‍රීඩකයන් බිහි කරන්නවත්, ඔවුන් නඩත්තු කරන්නවත් මෙතෙක් පැවති සියලූ ආණ්ඩු අසමත් වෙලා තියෙනවා. එ්ක තමයි තිත්ත ඇත්ත. ක‍්‍රීඩාව දේශපාලනිකයි. මම හිතන්නෙ මේ රාජ්‍යය දේශපාලන රටාව කවදාකවත් රගර් ක‍්‍රීඩාව දියුණු කිරීමට සමත් වෙන්නෑ. අපි මේ කරන්නේ ඉරෙන් හීතල ඉල්ලනවටත් වඩා බොළඳ ක‍්‍රියාවක්.
නමුත් ඔබ වෘත්තීමය වශයෙන් රග්බි ක‍්‍රීඩාවේ නියැළුණු අයෙක්. රග්බිවලට අමතරව මොනවද ඔබේ විනෝදාංශ?
යම් කාලයක් මම වෘත්තීය වශයෙන් රග්බි ක‍්‍රීඩා කළ නමුත් මගේ විනෝදාංශය හීන දකින එක.
හැමෝම හීන දකිනවනෙ?
ඔවු. හැබැයි මෙහෙමයි. මුදල අපේ ස්වාමියා වෙලා. අපි මුදලෙ වහල්ලු වෙලා. අපි හැමෝම ඉන්නේ පීඩනයකින්. පීඩනයෙන් ඉද්දි කොහෙද විනෝදයක් තියෙන්නේ? මානසික කායික පීඩාවත් පීඩනයක්. නැත්නම් කොයි වැඩෙනුත් විනෝද වෙන්න පුළුවන්. එ්ක තමයි ඇත්ත. මම කියන්නෙ දැන් විනෝදාංශ කියලා හැඳින්වෙන එ්වා අපිට බලෙන් පටෝලා. අපිත් විචාරයක් නැතිව එ්වා භාර අරගෙන. එ් නිසා ආයෙමත් කියන්න ඕනෙ. මානසික පීඩනය නැති කෙනෙක්ට තමන් කරන හැම යහපත් ඉදිරිගාමී වැඩක්ම විනෝදයෙන් වින්දනයෙන් කරන්න පුළුවන් නම් එ්ක තමා මම විශ්වාස කරන හොඳම විනෝදාංශය. හැබැයි පොදු එක තමා හීන දකින එක.
අවසාන වශයෙන් ඔබේ මේ ගමනට උදව් කරපු අය ගැනත් යමක් කියන්න.
විශේෂයෙන් පවුලේ අය සහ චූටි බාප්පා, පුංචි ඇතුළු පවුලේ හැමෝම. බී. බී. එම්. ධර්මපාල සර්, මලික් සමරවික‍්‍රම අමාත්‍යතුමා මගේ ගමනට ගොඩක් උදවු කළා. මට ජාතික කණ්ඩායම නියෝජනය කරන්න පුළුවන් වුණෙත් එ් අය නිසා.
සංවාද සටහන : ශක්තික සත්කුමාර