SIS - Strategic Information Services

  • Home
  • පුවත්
  • විශේෂාංග
  • BIZ
  • ක්‍රීඩා
  • Art එක
  • Cartoon
  • මතවාද
  • Video
  • අප ගැන
  • දැන්වීම්
Hot topic
ජීවිත හානියකට රුපියල් ලක්ෂ 10ක් කසල කන්ද කඩා වැටීමේදී, මට චෝදනා කරපු මාධ්‍ය වලට යට වුනා නම
කලින් එකට නඩු - පසුව එකට බඩු ? වැලිකඩ සංහාරයේ වාර්තාවත් අතුරුදන් ? රාජපක්ෂ භීෂකයින් විසින් සිය පාලන සමය තුළ අවිගත් ආරක්ෂක අ
ලොව හැර යන ගී ලොව රැවුල්කරු ප්‍රවීණ වාදන ශිල්පීයකු සහ සංගීත අධ්‍යක්ෂකවරයකු වන සෝමප
සූරියවැව සිදුවීම ගැන ඇමතිගෙන් පරීක්ෂණයක් සූරියවැව ක්‍රීඩාංගනයේ තාවකාලික සේවයට බඳවාගත් සේවකයන්ට
මෛත්‍රී - රනිල්! ඉතිහාසයට යනවාද - ඉතිහාසයේ කුණු බක්කියට යනවාද? ශ්‍රී ලංකාවට නිදහස් ලැබුනේ 1948 දී යයි අපි උගත්තෙමු. ශ්‍රී ල
වියරු වැටුණ ගෝටා ජයන්තගේ අතපය කඩනවා යැයි කලින්ම කියලා සුදුවෑන් රථයකින් පැහැරගෙන ගොස් පහර දීමට මාස කිහිපයකට පෙ
සුමති.... ක්‍රිකට් ආයතනෙ වහලා දාමුද ? චැම්පියන්ස් කුසලාන තරගාවලියේ පටන් සිරි ලංකා ක්‍රිකට් ක
ටැටූ කලාවෙන් සිත්තම් මවන ටැටූ පිකාසෝ පච්චා යුගය පසුකර අපි දුරගමනක් ගොස් ඇත. අද තිබෙන්නේ ටැටූ ය
මැතිව්ස් නායකත්වයෙන් ඉවත් වෙයි ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් නායකත්වයෙන් ඉ
කෝටි 1800ක් උඩ විසිකළ රොකට් චිචී කෝටි 1800ක් උඩ විසිකළ රොකට් චිචී  හිටපු ජනාදිපති මහින්ද ර
ඇත්තටම ලොතරැයි ඇදුනේ කාටද? සෙසු ආණ්ඩු සමයන්හිදී මෙන් යහපාලන ආණ්ඩුවේද කැපී පෙනෙන අම
ලංකාවේ දුප්පත්කමට හේතුව අමනකමද? අජිත් පැරකුම් මහත්මා සහ ජීවන ප්‍රනාන්දු මහත්මා තමන්ගේ ල
මැඩියෝ නාට්‍යයේ ආරම්භක දර්ශනයේ ප‍්‍රබලතාව ගී‍්‍රක පැරණි කොමඩි නාට්‍ය කලාවේ නියමුවා ලෙස සැලකෙන්නේ
නායකත්වය චන්දිමාල්ට ඇන්ජලෝ මැතිව්ස්ගේ ඉල්ලා අස්වීම හේතුවෙන් පුරප්පාඩු වූ ශ
ඥානසාර අත්අඩංගුවට ගැනීමට එරෙහි පෙත්සම සලකා බැලීම ඔක්තෝබර්! මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිය වන සන්ධ්‍ය
ඩෙංගු, කුණු මැතිවරණයක රස...! පළාත් පාලන ආයතන විසුරුවා හැර වසර දෙකක කාලයක් ගත වී ඇතත් ම

ahanna

ඉතිහාසයෙන් පාඩම් ඉගෙන නොගන්නේ නම්...
මතවාද

ඉතිහාසයෙන් පාඩම් ඉගෙන නොගන්නේ නම්... Featured

14,Dec 2018

ලක් මාතාවගේ හිස මත තබා තිබු විශාල බරක් ඊයේ සන්ධ්‍යා යාමයේ නිදහස් කෙරුණි.

ඒ මෙරට සියලු ජනතාවට අසාධාරණයක්, අයුක්තියක්, අකටයුත්තක් සිදූ වූ විට අවසාන වශයෙන් පිහිටට සිටින ගරු අධිකරණය විසින් ලබාදුන් ඓතිහාසික තීන්දුව හේතුවෙනි.

සමස්ත ලක් මෑනිය ම එසේ සිය බරෙන් නිදහස් වුව ද එහි වෙසෙන ඇතැම් බලලෝභී, කුමන්ත්‍රණකාරී, අවස්ථාවාදී දේශපාළුවෝ කොටසකට සහ ඔවුන්ගේ වහලුන් ලෙස කටයුතු කිරීමට සැදී පැහැදී සිටින මුග්ධ ජනකොටස්වලට නම් ඊයේ සන්ධ්‍යා යාමය ජීවිතයේ අමිහිරිතම සන්ධ්‍යාව විය හැකි ය. එය සාපේක්ෂය. එම පාර්ශ්වය පසුගිය පාලන සමයේ කළ කී දෑ අහිමි වීමෙන් උම්මත්තකභාවයට පත්ව සිටි බව රටම දන්නා කරුණකි. එමෙන් ම 2015 ජනවාරි නව වන දින අහිමි වූ බලය පමණක් නොව අනතුරුව පත් වු රජය ගොළුබෙලි ගමනේ හෝ මේ මුග්ධ දේශපාලකයන්ට එරෙහිව ක්‍රියාත්මක කරමින් තිබූ නීතිමය කටයුතු වළක්වාගන්නට සුදුසු මාර්ගයක් ද ඔවුහු සොයමින් සිටියහ. පසුගිය ඔක්තෝබර් 26 වන දින සන්ධ්‍යා භාගයේ උදාවූයේ ඒ අවස්ථාව ය. එදින සන්ධ්‍යා භාගයේ මේ උම්මත්තක පිරිස හැසිරුණේ කෙසේද යන්න පිළිබඳව යළි යළිත් ලිවීමෙන් ඵලක් නැත. එය අපේ රටේ ප්‍රගතිශිලි ජනතාව හොඳින්ම නැරඹූ බව විශ්වාස ය.

රට ආපස්සට ගිය වගයි...

අනතුරුව රටේ විධායකයා විසින් විටින් විට පත්කරන ලද ඊනියා ඇමති මණ්ඩලයේ ඇතැම් පුද්ගලයෝ ද නොනිල වශයෙන් අත්පත් කරගත් අමාත්‍යාංශවලට ගොස් එහි කටයුතු ඇරඹූ ආකාරය නම් යම් ආකාරයකට සිහිපත් කළ යුතු ය. මන්ද එම ක්‍රියාකාරිත්වය තුළින් ලක්මාතාවගේ ඉදිරි ගමන අවම වශයෙන් දසවසරකට හෝ පසුපසට ඇදුණ බව පහ වසරේ දරුවකුට වුව වැටහෙන බැවිනි.

මෙම මුග්ධ, ඊනියා ඇමති රැළ පත්වු විගස ම රටේ සංවර්ධනය වෙනුවෙන්, ජනාවගේ අනාගත සුබ සිද්ධිය වෙනුවෙන් ක්‍රියාත්මක කර තිබූ ව්‍යාපෘති සියල්ල නවතා දැමුවේ ය. එම මුදල් යළි භාණ්ඩාගාරය වෙත යවන්නට තරම් මොවුහු මුග්ධ වූහ. ඒ අතුරෙන්: ගම්පෙරළිය, එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා සහ සජිත් ප්‍රේමදාස මහතා විසින් ක්‍රියාත්මක කරනු ලැබූ නිවාස යෝජනා ක්‍රමය ප්‍රධාන ය. අනෙක් පසින් රටේ අනාගතය බාරගන්නට සිටින දරු පරපුර වෙනුවෙන් ක්‍රියාත්මක වූ නිල ඇඳුම් වවුචර් ක්‍රමය අහෝසි කර එය යළි ජාවාරම්කාරයන් අතට පත්කරන්නට උත්සාහ කළේ ය. නමුත් මෙරට කුඩාකර්මාන්ත හිමියන්ගේ සංගමය විසින් කරන ලද ඉල්ලීමකට අනුව එම දුෂ්ට ක්‍රියා පිළිවෙත හකුළා ගන්නට රටේ නායකයා මැදිහත් වූ පුවතක් ඊයේ (13) අසන්නට ලැබුණි. එහෙත් පාසල් දරුවන්ට එම වවුචර්පත් ලබාගත හැකිවන්නේ පාසල් ආරම්භ වීමෙන් අනතුරුව ය. එතෙක් මේ රටේ බොහෝ දරුවන්ට නව වසරේ පාසල් යාමට සිදුවන්නේ පරණ නිලැඳුම් ම ඇඳගෙන ය. එක් දරුවෙක් පමණක් සිටින පවුලක නම් අවම වශයෙන් එක අලුත් ඇදුමක් හෝ තම දරුවාට ලබා දෙන්නට ඔවුන් කටයුතු කළ ද සමස්ත රටේ ම හැම දරුවකුගේ ම දෙමාපියන්ට එලෙස කළ නොහැකි ය. එසේ නම් මේ ඊනියා ඇමති මණ්ඩලයේ මුග්ධයෝ කළේ සමස්ත අනාගත පරපුරෙන් ම පළි ගැනීම ය. යට කී පරිදි මොවුන්: ගම්පෙරළිය, එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා සහ සජිත් ප්‍රේමදාස මහතා විසින් ක්‍රියාත්මක කරනු ලැබූ නිවාස යෝජනා ක්‍රමය යන ව්‍යාපෘති ත්‍රිත්වය ම මේ ආකාරයට අවලංගු කර දැමුවේ දීර්ඝ කාලයක් පැවති ඉඩම් නඩුවක තීන්දුවක් ලෙස අනෙකාගේ ඉඩමෙන් කොටසක් තමාට ලැබිමෙන් අනතුරුව තමන් ලද කොටසේ පිහිටා තිබු සරුසාර ඵල සහිත විවිධ වෘක්ෂ කපා දමන ආකාරයෙනි. එනම් එම වෘක්ෂ පැළ කළේ පෙර ඉඩම් හිමියා වුව ද දැන් එයින් ප්‍රයෝජන ගත හැකිවන්නේ තමන්ට වුව ද එය අනෙකා විසින් සිටුවන ලද බැවින් එම වාක්ෂවල ඵල ප්‍රයෝජන නොගත යුතුය යන හීනමානය පෙර දැරිව කටයුතු කරන ආකාරයෙනි.

නුවණ ඇති දේශපාලකයෝ නම් කළ යුත්තේ අදාළ ව්‍යාපෘති තවත් දියුණු මට්ටමකට රැගෙන විත් එය වර්ධනය කිරීම ය; එම ප්‍රතිලාභින් තම පාර්ශ්වයට නැඹුරු කරගැනීම සඳහා කටයුතු කිරීම ය. නමුත් මේ මුග්ධ රැළ කලේ ආරම්භයේ දී ම ඉතා අමානුෂික ආකාරයෙන් පළිගැනීම ය. නිවාස සංවර්ධන අධිකාරියේ සේවයේ නියුතුව සිටි සේවක සේවිකාවෝ 1400ක් පමණ එක රැයකින් සේවයෙන් නෙරපීම ඊට කදිම උදාහරණයකි. එහෙත් ජාතියේ පංචායුධය යැයි තමන් සහ තම අනුගාමිකයන් විසින් ම නම්කර ලද ඒ ඊනියා දේශප්‍රෙමියාට කදිම පාඩමක් උගන්වන්නට රැකියා අහිමි පිරිස කටයුතු කළේ ය.

2015 ජයග්‍රහණයේ අතුරු ඵල

මේ ආකාරයට තමන්ගේ එකම අරමුණ සිය දේශපාලන අනෙකාගෙන් පළිගැනීමේ චේතනාවෙන් යුතුව කටයුතු කළ මෙම මුග්ධයන්ට ශ්‍රී ලංකාවේ ගරු අධිකරණය කදිම පාඩමක් ඉගැන්වූයේ ය. සැබැවින් ම එය 2015 ජනවාරි 09 වන දින සිට පැවති ආණ්ඩුවේ ක්‍රියාදාමයක මහඟු ඵලයක් බව මෙහි දී අවධාරණය කළ යුතුම ය. මහින්ද රාජපක්ෂ රෙජීමය මේ රට පාලනය කළ යුගයේ යුද්ධයේ නියමුවා ලෙස කටයුතු කළ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ සිට එවකට සිටි අගවිනිසුරුතුමිය සිය ධුරයෙන් පලවා හැරිම දක්වා වු සියලු කටයුතු කළ ආකාරයට ම 2015 ජනවාරි නව වන දිනයෙන් පසු බලයට පත්වූ රජය ද කටයුතු කළේ නම් මෙම තීරණය මීට පෙර ම අක්‍රීය වන්නට ඉඩ තිබුණි. එහෙත් රටේ පවතින අර්බුදකාරි තත්ත්වය සහ තමන්ට රිසි පරදි පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැකි යැයි ජනාධිපතිවරයා සිතන්නේ නම්, අධිකරණය විසින් ද එය සාධාරණීකරණය කළේ නම් මේ වනවිට කුමන තත්ත්වයක් රට තුළ උද්ගතවන්නට ඉඩ-කඩ තිබුණි ද? එසේ වූවා නම් මේ වන විට ද කිහිප දෙනකු ඝාතනය කර, දේපළ හානි කර මේ රටේ බියකරු වතාවරණයක් ගොඩෙනගා අවසන් ය. ඒ සියල්ල වළකාලමින් ඉතාමත් සාධාරණ තීන්දුවක් ලබාදුන් ගරු විනිශ්චය මණ්ඩලයට රටත් රටේ මහජනතාවත් වෙනුවෙන් අපි තුති පිදිය යුතු ය.

ස්වයං තෘප්තියෙන් අත් නොමිදෙන්නේ නම්...,

දැන් ඒ සියල්ල ඉතිහාසයට එක්වී හමාරය. එසේ වුව ද මේ මොහොතේ ද ඔක්තෝබර් 26ට පසු තත්ත්වය සම්පූර්ණයෙන් ම පවහ ගියේ යැයි ස්වයි වින්දනයක් ලැබීමට තරම් එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණත්, ඔවුන්ට සහය දෙන ජනතාවත් පත්නොවිය යුතු ය. ඔවුන් පළමුව සහ ප්‍රධාන වශයෙන් කල්පනා කළ යුතු වන්නේ ඊයේ දුන් තීන්දුව අදාළ වන්නේ ‘පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීති විරෝධී ය’ යන්නට පමණි. එහෙත් හොර පාරෙන් පැමිණ කළුවරේ ම අගමැති පුටුවේ වාඩි වූ මහින්ද රාජපක්ෂගේ පත්කිරීම නීති විරෝධී ය යන්න පිළිබඳ තවම තීන්දුවක් ලැබී නැත. එසේ නම් අධිකරණ තීන්දුවට හිස නමමින් ජනාධිපතිවරයා යළි පාර්ලිමේන්තුව කැඳෙව්ව ද ඔහු රනිල් වික්‍රමසිංහ මහතා හෝ වෙනත් අයකු (වෙනත් අයකු පත්කිරීම ද ව්‍යවස්ථා විරෝධි බව යළිත් සිහිපත් කළ යුතු ය) අගමැති වශයෙන් නම් නොකළහොත් එළඹෙන තත්ත්වය තවත් භයානක ය. මන්ද හොර පාරෙන් අගමැති පුටුවේ වාඩි වූ මොහොතේ සිට ඊනියා අගමැති ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලයේ රාජකාරි අත්හිටුවන මොහොත දක්වා සහ ඉන් අනතුරුව වුවද ඔවුන් කටයුතු කළ ආකාරය අපි හොඳින් ම දන්නෙමු. එසේනම් මෙම ව්‍යසනය සියයට සියයක් අවසන් කිරීමට නම් යළිත් ඔක්තොබර් 26 වන දින රාත්‍රී හතට පෙර තිබුණු තත්ත්වයට රට පත්විය යුතු ය. සැබැවින් ම ‘‘විය යුතුය’’ නොව ‘‘කළ යුතු’’ ය. එසේ කිරීමේ වගකීම පැවරී ඇතිතේ රටේ ජනාධිපතිවරයාට ය.

ජනාධිපතිවරයාගේ සැබෑ වගකීම

රටේ ජනාධිපතිවරයා ව්‍යවස්ථාව උල්ලංඝනය කළ බව දැන් ඔප්පු වී හමාරය. එහෙයින් ඔහු තවත් එබඳු මූඪ වැඩ නොකරනු ඇතැයි විශ්වාස කළ ද ඔහුගේ මානසික විකෘතිතාව මෙම කරුණ කෙරෙහි කුමනාකාරයෙන් බලපාවිද යන්න සැක සහිත ය. එනම් ඔහු ප්‍රසිද්ධියේ ම ප්‍රකාශ කළ ‘‘225 ම අත්සන් කළ ද මම රනිල් ජනපති කරන්නේ නැහැ’’ යන අත්තනෝමතික තීරණයේ තව දුරටත් එල්බ සිටින්නේ නම් ගරු අධිකරණය ලබාදුන් සාධාරණ තීන්දුව ගඟට කැපූ ඉනි බවට පත්වෙනවා නොඅනුමාන ය. එහෙයින් මේ මොහොතේ රටේ ජනාධිපතිවරයා ‘‘ජනාධිපතිවරයා’’ ලෙස කටයුතු කිරීම අනිවාර්ය කටයුත්තකි. එසේ නොවී ඔහු ‘‘වැටට අල්ලා අමුඩය ගැසු ගමරාළ’’ සේ කටයුතු කරන්නේ ගරු නම් අධිකරණය ලබාදුන් තීන්දුව පුස්සක් බින්දා හා සමාන වන්නේ ය. එවන් තත්ත්වයක් මතු නොවන ආකාරයෙන් රටේ ජනාධිපතිවරයා කටයුතු කරනු ඇතැයි අපි බලාපොරොත්තු වන්නෙමු.

රනිල් ප්‍රමුඛ කණ්ඩායමේ වගකීම

එක්සත්ජාතිකපක්ෂයේ නායක, එක්සත් ජාතික පෙරමුනේ කණ්ඩායම් නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිසට ද දැන් බරපතළ වගකීම් සම්භාරයක් පැවරී ඇත. ගරු අධිකරණය විසින් ලබා දෙන ලද තීන්දුවේ නිසි ඵල ලබන්නට නම් ඔවුන් ද ඔක්තෝබර් 26වන දිනට පෙර ඔවුන් තුළ තිබූ දුර්වලතා අවබෝධ කරගනිමින්, ඒවා නිවැරැදිකරගනිමින් ජනතාවගේ විශ්වාසය දිනාගත යුතු ය. මන්ද ඔවුන් බලයට පැමිණියේ දූෂණය, වංචාව සහ නාස්තිය පිටුදකින බවට පොරොන්දු වෙමිනි. නමුත් ඒ කටයුතු ඒ ආකාරයෙන් ම සිදු නොවූ බව ඔවුන් පිළිගත යුතු ය; පිළිගැනීමෙන් නොනැවති අදාළ පොරොන්දු ඒ ආකාරයෙන් ම ඉටු කළ යුතු ය. එසේ නොවන්නට යළි වතාවක් රට අරාජිකත්වයට නතුවන බව ඒකාන්ත ය.

ඔවුන්ගේ පළමු වගකීම වන්නේ මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ඔහුගේ පවුලේ උදවිය සහ ඔහුගේ අනුගාමිකයන්ට එරෙහිව පවත්නා නඩුකටයුත් ඉක්මනින් ම අවසන් කර වැරැදිකරුවන්ට දඬුවම් ලබා දීම ය. එසේ නොකර කටඋත්තර ලබාගැනීමට පරික්ෂක නිලධාරින් චුදිතයන්ගේ නිවෙස් වෙත යැවීම නොවේ. ඔවුන් කිසිවකු සුරතල් කළ යුතු නැත. ඔවුන්ට විරුද්ධව ගතහැකි ක්‍රියාමාර්ග නිවැරැදිව ම ගතයුතු ය. දැන් චුදිතයෝ හුරතල් කළා හොදට ම ඇති ය. මන්ද මේ කුමන්ත්‍රණකරුවෝ යළි එබඳු කටයුත්කත් සඳහා පෙලඹෙන්නේ නම් ඔවුන් මේ වන විට ලද අත්දැකීම් පාඩමකට ගෙන එම දුර්වලතා සියල්ල මගහරවාගනිමින් ඊළඟ වටයට සුදානම් වීම අනිවාර්ය ය. ඉදින් යළි එවන් තත්ත්වයක් උදා කර නොගැනීමේ වගකීම පැවරෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ඒ දේශපාලනාධිකාරියට ය.

රාජ්‍යය මාධ්‍යය පිළිබඳ වගකීම

අනෙක් පසින් මේ බලහත්කාරි පිරිස ඔක්තොබර් 26 වන දින සන්ධ්‍යා භාගයේ රාජ්‍යය මාධ්‍යය ආයතන සියල්ල තමන් අතට පත් කරගෙන එම ආයතන තුළ ගෙන ගිය භීෂණය යළි උදා නොවන තත්ත්වයට පත් කිරීමට යළි අදාළ අමාත්‍යාංශවලට පත්වෙන ඇමතිවරයා වගබලාගත යුතු ය. එදා සිය මැර අණසක පතුරවමින් භීෂණය පැතිරූ සියලු බලවේගවලට එරෙහිව විනයානුකුලව සහ නිත්‍යානුකුලව කටයුතු කර අමතක නොවන පාඩමක් ඉගැන්විය යුතු ය. එමෙන්ම අදාළ අමාත්‍යාංශ තුළ පැවති යම් යම් අකටයුතුම් යලිත් සිදු නොවන්නට වගබලාගත යුතු ය. කෙටියෙන් ම පවසන්නේ නම් රෑ වැටුණු වළට දිවා කාලයේ නම් නොවැටිය ම යුතු ය.

සිවිල් සංවිධාන වගකීම

2015 ජයග්‍රහණය අත්පත් කර දෙන්නට උර දුන් සියලු සිවිල් සංවිධාන පසුගිය කුමන්ත්‍රණය පරදවන්නට පෙරමුණ ගත්ත ද ඔවුන් ද 2015 ජයග්‍රහණයෙන් ඉක්බිති රජයේ බොහෝ අකටයුතුම්වල දී නිහඬ ව්‍රතය රැක්ක බව ද රහසක් නොවේ. දැන් මේ මොහොතේ සිට ඔවුන් ද පෙරට වඩා සක්‍රීය විය යුතු ය. එනම් මේ මොහොතට පසු බලය ලබාගන්නා පාර්ශ්වයට කිසිදු අකටයුත්තක් කිරීමට ඉඩ කඩ නොතැබිය යුතු ය. ඔවුන් අනාගයේ දී කටයුතු කළ යුත්තේ ද කුමන්ත්‍රණකාරි සමයේ කටයුතු කළ ආකාරයෙන් ම ය. එසේ නොවන්නට එළඹෙන පාලන සමය ද වැරැදි පාරේ ගමන් නොකරනු ඇතැයි අපිට පූර්ණ විශ්වාසයක් තැබිය නොහැකි ය. මන්ද අපි ඉතිහාසයෙන් ඉගෙනගත් පාඩම් සියල්ලම අසුබවාදි මිස සුබවාදි නොවී ය.

Jayasiri Alawatta  

More in this category: « වෙස් වළාගෙන පැමිණි ආශිර්වාදය ජවිපෙ බලධරයනි... ආපසු හැරී බලන්න »
back to top

නවතම පුවත්

  • නලින් ද සිල්වා ගේ ඉතිහාස දැනුමේ ගැටලු නලින් ද සිල්වා ගේ ඉතිහාස දැනුමේ ගැටලු 20,Feb 2019
  • “නැණිල කුලුඳුල් සාහිත නිමැවුම් ඇගයුම” සම්මාන උළෙල “නැණිල කුලුඳුල් සාහිත නිමැවුම් ඇගයුම” සම්මාන උළෙල 18,Feb 2019
  • වීරවංශ විසින් 4500ක් දෙනා ගොනුන්ට අන්දවනු ලැබූ බවයි... වීරවංශ විසින් 4500ක් දෙනා ගොනුන්ට අන්දවනු ලැබූ බවයි... 18,Feb 2019
  • සිංහරාජය රැකගැනීමේ විරෝධතා 20 වන දින දවස පුරා සිංහරාජය රැකගැනීමේ විරෝධතා 20 වන දින දවස පුරා 18,Feb 2019
  • දේශීය ජන සංගීතයේ පුරෝගාමියෙකු වූ ඩබ්ලිව්.බී.මකුළොළුව සූරීන්ගේ ජන්ම දිනය අදයි දේශීය ජන සංගීතයේ පුරෝගාමියෙකු වූ ඩබ්ලිව්.බී.මකුළොළුව සූරීන්ගේ ජන්ම දිනය අදයි 17,Feb 2019

  FaceBook Page

Copyright © SIS.LK 2019 All rights reserved.